ජනතාව විහිළුවකට ගැනීමට දේශපාලන නායකයින්ට ඉඩ නොතබන ලෙස එක්සත් ජාතික පක්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා සිටියි.

අද(19) පාදුක්ක ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුජන පෙරමුණ සමඟ එක් කර ගැනීම ගත් තීරණය නිසා එම පක්ෂයට කණකොකා හඩලන බව ඒ මහතා මෙහිදී පැවසීය.

මේ අතර සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ජනතාව අවතක්සේරුවට ගැනීමට හෝ ජනතා ශක්තිය විහිළුවකට ගැනීමට ඉඩ නොතබන ලෙසයි.