https://www.gossiplankanews.com/2020/01/walana-fake-raid-habarana.html#more
ණිකා නිවාස සම්බන්ධ වැටලීම් වැඩිම ප්‍රමාණයක් සිදු කර නම් දරා තිබෙන පොලිස් වළාන දූෂණ මර්දන ඒකකයේ නම අවභාවිත කරමින් සම්බාහන මධ්‍යස්තානයක් වැටලූ ආකාරයේ රගපෑමක් කර කාන්තාවන් තිදෙනෙකු කම් සැප පිණිස පැහැරගෙනයාමේ සිද්ධියක්
හබරණින් වාර්තාවේ.
පොලිසියට සමාන ජීප් රථයකින් පැමිණ තමන් කොළඹ වලාන දූෂණ මර්දන එකකයේ පොලිස් නිලධාරීන් යැයි පවසමින් හබරණ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සේවය කළ කාන්තාවන් දෙදෙනකු පෙරේදා (12) පස්වරුවේ පැහැරගෙන ගොස් තිබේ.

එසේ පැහැරගෙන යමින් සිටි එක් කාන්තාවක් බේරී පැමිණ හබරණ පොලිසියට කළ පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සීගිරිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පැහැර ගත් අනෙක් කාන්තාවත් එම ජීප් රථය සහ පැහැර ගැනීම සිදු කළ පුද්ගලයන්වත් අත්අඩංගුවට ගත් බව හබරණ

පොලිසිය සඳහන් කළේය. මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ හබරණ පොලිස් වසමේ දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි වයස අවුරුදු 33ක් සහ 34ක් වන කාන්තාවන් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසිය විසින් කරන ලද විමර්ශනයකට අනුව මෙම කාන්තාවන් දෙදෙනා හබරණ නගරයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක කලක පටන් සේවය කරමින් සිට ඇති බවට අනාවරණය වී තිබේ. පෙරේදා දින පස්වරුවේදී එම ස්ථානයට එක්වරම ජීප් රථයකින් පැමිණි තිදෙනකු තමන් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් යැයි පවසා ආයතනය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව දන්වා ඇත.

පසුව එහි සේවය කළ කාන්තාවන් දෙදෙනා ඇදගෙන ගොස් ජීප් රථයේ දමාගෙන කොළඹ දෙසට ධාවනය කර තිබේ. එහිදී සීගිරිය ප්‍රදේශයේදී නිවසක කාමරයකට දමා එම පුද්ගලයන් මත්පැන් පානය කිරීමට පටන් ගෙන ඇති අතර එම අවස්ථාවේ නිවසේ දොර විවර කර ගනිමින් එක් කාන්තාවක් පැන ගොස් මාර්ගයේ පැමිණි බස් රථයක නැඟ හබරණ පොලිසියට පැමිණ මෙසේ පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට යන විටත් පැහැරගත් පුද්ගලයන් මත්පැන් පානය කරමින් සිට ඇති අතර පසුව එම ජීප් රථය සහ එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත. එම පුද්ගලයන් කුරුණෑගල, දැනිගම, ත්‍රිකුණාමලයේ, නෙල්සන්පුර සහ උඩපෙරහැරවත්ත බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මොවුන් 58, 41 සහ 31 යන වයස්වල පසුවන්නන් බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

[ඩබ්.ඒ. පියතිලක]