Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

රාජගිරිය අති සුඛෝපභෝගී ගොඩනැගිල්ලක පිහිටුවා තිබෙන කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර කඩිනමින් ගොවිජන මන්දිරයට රැගෙන නොයෑම හේතුවෙන් තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා  ඊයේ (13) පැවැසිය. කෘෂිකර්ම
අමාත්‍යාංශය දැනට ස්ථාපිත කර තිබෙන
රාජගිරියේ පිහිටි ගොඩනැගිලෙන් ඉවත් කර යළි ගොවිජන මන්දිරයට රැගෙන  යන ලෙසට කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබියදිත් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එම තීරණයට අකුල් හෙළමින් එම තීරණය කල් දැමීමෙන් තමන් කලකිරීමට පත්ව සිටින බව ද අමාත්‍යවරයා කීය.

රටම පිළිගත් උගතුන් යැයි කියමින් පියමග  සංවිධානයෙන් ද ඇතැම් අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන සඳහා දූෂිත නිලධාරීන් පත්කර සිටින බව කී රාජ්‍ය අමාත්‍යරයා එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනමින් තීන්දුක් ගත යුතු බව ද කීය.  තමන්ට එවැනි නිලධාරීන් සමග කටයුතු කළ නොහැකි බැවින් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කර ඇතැයි  රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසීය.

බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ සිට කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි  ගොඩනැගිල්ලට ගෙන ඒමේදී නිලධාරීන් කිහිපදෙනකුට චෙක්පත් ලැබී ඇත්දැයි තමන් මේ දිනවල සොයන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

-නාලක සංජීව දහනායක-












Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

https://www.gossiplankanews.com/2020/01/leaked-all-calls-ranjan-ramanayake.html

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter