Sinhala Edition English Edition
Facebook Official Fanpage Official Twitter Account Rss Feed
Load more news >>

Latest News

Load more news >>

Advertisements

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

බ.ඉ. කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙන්‍ බ්‍රාවෝ එරට විස්සයි 20 සංචිතයට කැඳවීමට කොදෙව් ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන තිබේ. ඒ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත අයර්ලන්තයට එරෙහි තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය සඳහාය. 36 හැවිරිදි බ්‍රාවෝ 2016 වසරේ සිට ඒකදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට
හෝ ක්‍රීඩාකර නොමැති අතර, අයි.පී.එල්. සහ  සී.පී.එල්. වැනි පළමු පෙළ ක්‍රිකට් තරගාවලි සඳහා පමණක් ගෙවී ගිය තෙවසරේ ක්‍රීඩා කළේය. බ්‍රාවෝ අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩාකර ඇත්තේ 2016 වසරේ පාකිස්තානයට එරෙහි විස්සයි20 තරගාවලියේදීය. කොදෙව් ක්‍රිකට් පරිපාලනය සමග නිතර ගැටුම් ඇති කරගත් ක්‍රීඩකයෙකු වන බ්‍රාවෝ, තමන්ට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් 2018 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියන් සමුගන්නා බවට නිවේදනය කළේය.

කෙසේ නමුත් ඔහු ඉකුත් දෙසැම්බර් මසේදී නැවත වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට
පිවිසෙන බව නිවේදනය කළේය. ලොව ජාත්‍යන්තර හා ජාත්‍යන්තර නොවන (franchises) විස්සයි20 තරග 450කට වැඩියෙන් ක්‍රීඩාකර ඇත්තේ කිරන් පොලාඩි හා ඩ්වෙන් බ්‍රාවෝ පමණක් වන අතර, ඉන් තුන්ඉරියව් ක්‍රීඩකයන් දැක්වූ දක්‍ෂතා අනුව බ්‍රාවෝ දෙවැනි වන්නේ  පොලාඩ්ට පමණි.

2006 වසරේ සිට 2019 දක්වා ලොව විවිධ කණ්ඩායම් 17කට ක්‍රීඩාකර ඇති බ්‍රාවෝ එහිදී තරග 450කදී ලකුණු 6298ක් රැස්කර ඇති අතර, කඩුලු 490ක්ද බිඳහෙළා තිබේ. 2006 වසරේ සිට ලොව කණ්ඩායම් 17කට ක්‍රීඩාකර ඇති පොලාඩි විස්සයි20 තරග 496දී ලකුණු 9935ක් ලබාගෙන ඇති අතර, කඩුලු 272ක් බිඳහෙළා තිබේ. කොදෙව් - අයර්ලන්ත විස්සයි20 තරගාවලිය හෙට (15) ආරම්භ වේ.දෙරට අතර පැවැති තරග තුනකින් යුත් එදින තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය.

තෙවැනි හා අවසන් එක්දින තරගය පෙරේදා (12දා) ශා. ජෝර්ජ්හි දී පැවැති අතර, ඉන් කඩුලු 05ක ජයක් කොදෙව්වන්ට හිමිවිය. එහිදී පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 49.1කදී සියලු දෙනා දැවී ලකුණු 203ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම තරගයේ 37 (36.2) වැනි පන්දුවාරයේදී සිය ඉලක්කය පසුකර යෑමට සමත් විය.

-විශ්ව මුදියන්සේ-













Load more news >>

Gossip Lanka Previous News

Latest Side News

Advertisement

Gossip Lanka Stats

Follow Us on Youtube & Twitter