https://www.gossiplankanews.com/2020/01/stf-sinharaja-gem.html
සිංහරාජ වනාන්තරය පාමුල පිහිටි රක්වාන පන්නිල නාහිටිය රක්ෂිතයේ වටිනා මැණික් ඉල්ලමක් මතුවීම නිසා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව එම ප්‍රදේශයට යොදවා තිබෙනවා.
දැනට මාසයක පමණ කාලයක සිට
පන්නිල රක්ෂිතයේ අනවසර මැණික් පතල් කැපූ 55 දෙනකු වන සංරක්ෂණ නිලධාරීන් විසින් වරින් වර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාවද මේ වන විට ලබාගෙන ඇති අතර ඒ නිසා අනවසර පතල් කැපීම නතරවී තිබෙනවා.


පන්නිල රක්ෂිතයේ රුපියල් කෝටි ගණන් වටිනා මැණික් මතුවෙන බවට පැතිර ගිය ආරංචි නිසා බොහෝ දෙනෙක් රක්ෂිතය තුළ නීති විරෝධී ලෙස මැණික් පතල් කැපීමට පටන් ගෙන තිබෙනවා.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ වන සංරක්ෂණ නිලධාරීන් වරින් වර වැටලීම් සිදුකරන අතර මේ වන විට පන්නිල රක්ෂිතයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි රක්වාන අඩවි වන කාර්යාලය පැවසුවා.