https://www.gossiplankanews.com/2020/01/sri-lanka-black-tiger.html

ශ්‍රී ලංකාවේ වඳවී ගිය බව පැවැසෙන කළු කොටින් සජීවී කැමරාවක සටහන්ව තිබීමේ සිදුවීමක් නිසා මේ ගැන කතාබහක් ඇතිව තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සවිකළ කැමරාවල මෙම කළු කොටින්ගේ රුව සටහන්ව තිබෙන අතර
ගැහැණු සත්වයෙකු, පිරිමි සත්වයෙකු හා තවත් පැටවුන් දෙදෙනෙකු මෙසේ කැමරාවක සටහන්ව තිබූ බවට ෙවාර්තා විය.
මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ

කළු කොටියෙකු මන්දකට හසුවී මියගොස් සිටියදී සොයා ගැණුනු අතර එම සත්වයාගේ හම යොදාගෙන සත්වයෙකු නිර්මාණය කිරීම ගැනද වාර්තා විය. එම සත්ව නිර්මාණය ගිරිතලේ ප්‍රදේශයේ මහජන ප්‍රදර්ශනයට තබා තිබෙනවා.
වර්ණභේද වෙනස්වීම හේතුවෙන් මෙම සතුන් නිර්මාණය වන බවත් ඔවුන් සිසිල් හා අඳුරු ස්ථානවල රැඳී සිටින බවත් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
 ශ්‍රී ලංකාවේ කළු කොටියා යන නමින් උප විශේෂයක් ලෙස මුන් නම් කර තිබේ.. කලු කොටින් ඉතාමත් දුර්ලභ සත්ව විශේෂයක් බවත් ජාන විකෘතතාවයක් නිසා බිහිව තිබෙන විශේෂයක් බවත් කියැවේ.
අවසන් වරට පිටදෙණිය මාවුල්දෙණිය ප්‍රදේශයෙන් මුන් හමුව තිබේ.
වනජීවි දෙපාර්තමේන්තුව අලුතින් කළු කොටි හමුවූ ස්ථානය ශ්‍රී පාදය ආශ්‍රිතව බවට දන්වා ඇතත් නිශ්චිතවම ප්‍රසිද්ධ කර නැති අතර කැමරාවක සටහන්වී ඇති බව වාර්තා කර ඇත.