https://www.gossiplankanews.com/2020/01/shani-abeysekara-interdicted.html
ජාතික පොලිස් කොමිසම විසින් ලබා දුන් නියමයක් බව දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ වැඩ තහනම් කර තිබෙයි.
පසුගිය රජය සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන වලදී  ශානි අබේසේකර පක්ෂග්‍රහිව කටයුතු සිදුකළ බවට චෝදනා කර
මෙම තීරණය ගෙන ඇත්තේ රන්ජන් රාමනායක සමග උසාවියේ පවතින නඩුව ගැන තොරතුරු දුරකථන මගින් සාකච්ඡා කිරීම ඊයේ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වූ පසුය.
මෙම දුරකථන සංවාද තවම අධිකරණයට ඉදිරිපත්ව නැති අතර නඩු භාණ්ඩ ලෙස තිබියදී මාධ්‍ය වෙත ලබාදී පසිද්ධියට පත් කර තිබුණි.

දුරකතන සංවාද මගින් ශ්‍රී ලංකා පොලිස් සේවය අපකීර්තියට පත්කර ඇතැයි කොමිසම චෝදනා කර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර නව රජය බලයට පත්වී දින කිහිපයක් ඇතුළත සීඅයිඩී ප්‍රධානී තනතුරින් නෙරපා දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කළ අතර ඔහුට විරුද්ධව එම දිනවල මාධ්‍ය ඔස්සේ විවිධ දේශපාලකයින් චෝදනා සිදු කළත් ඒ්වාට සාක්ෂි නොතිබිණි. රන්ජන්ගේ හඩ පටි සමග දැන් සාක්ෂි සපයාගෙන තිබේ. ශානි
මහතා පොලිස් මූලස්ථානය වෙත මාරුකර රාජකාරී වැඩ තහනමකට ලක්කළ බව පොලිස් මූලස්ථානය අද දන්වා ඇත.
ශානි අබේසේකර මහතාට ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම මූලික විමර්ශනයක් සිදුකර සති දෙකක් ඇතුළත ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත වාර්තා කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට පොලිස් කොමිෂන් සභාව දැනුම් දී ඇති බවද පැවසේ.

මින් ඉහත රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් සාර්ථක ලෙස අවසන් කිරීම නිසා ඔහු කීර්තිය දිනූ පුද්ගලයෙකි.

තාජුඩීන් ඝාතනය , ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ට  සහ උපාලි තෙන්නකෝන්ට පහර දීම මෙන්ම රතුපස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් විමර්ශනය කරමින් සිටි ශානි අබේසේකර සීඅයිඩියේ සිටි දක්ෂතම නිලධාරියෙකු වූ අතර මෙම වැඩ  තහනම නිසා ඔහුට ඉහත නඩු ඉදිරියේ නැවත විභාගයට ගන්නා  උසාවියේ  නඩුවාර වලදී කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව මග හැරී යයි.