ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක ජයක් ඊයේ වාර්තා කළේ ය.
ලකුණු 143ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 3ක් දැවී තරගය ජය ගත්තේ ය.

තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය නායක විරාත් කෝලි පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා ක‍ළේ ය.
කතා පැතිර ගියද මෙම තරගය සඳහා ද ඇන්ජලෝ මැතිව්ස් කැඳවා තිබුනේ නොමැත.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු ය.
වේගවත් පිතිහරඹයක
නිරත වූ අවිශ්ක පන්දු 16කින් ලකුණු 22ක් රැස් කළේ ය.
කුසල් ජනිත් 6 පහර 3ක් ද සමගින් ලකුණු 34ක් රැස් කළේ ය.
ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පන්දුවාර 20යි 20 තරග අංශයේ වැඩිම 6 පහර සංඛ්‍යාව රැස් කළ ක්‍රීඩකයා වන රෝහිත් ශර්මා සමග සම තැන්ගැනීමට කුසල් ජනිත් අද සමත් විය.
ඔවුන් දෙදෙනාම 6 පහර 14 බැගින් වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකා පිතිකරුවන් 5 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වුයේ නැහැ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 142කි.
ඉන්දියාව වෙනුවෙන් පිළිතුරු ඉනිම ආරම්භ කළේ, ලෝකේෂ් රාහුල් සහ ශිකර් ධවාන් ය.
ඔවුන් දෙදෙනා ඉන්දීය කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබා දුන්හ.
මේ අතර පන්දු රැකීමේ නිතරව සිටියදී ශ්‍රී ලංකාවේ ඉසුරු උදාන ආබාධයකට ලක් වුණි.
රාහුල් සහ ධවාන් අතර ඉන්දීය පළමු කඩුල්ලේ සබදතාව ලකුණු 71කි. රාහුල් ලකුණු 45කි.