පසුගිය වසරේ තිරගත වූ චිත්‍රපට සහ ඇමරිකානු රූපවාහිනි නාට්‍ය සඳහා සම්මාන පිදෙන 77 වැනි ගෝර්ඩන් ග්ලෝබි සම්මාන උළෙල, පෙරේදා (05දා) ඇමෙරිකාවේ බෙවර්ලි හිල්ටන් හිදී පැවැත්විණි.
මෙහිදී හොඳම නාට්‍යමය චිත්‍රපටය ලෙස '1917' සම්මාන දිනා ගත් අතර හාස්‍ය සංගීතමය චිත්‍රපටයට හිමි සම්මාන Once Upon a Time in Hollywood දිනා ගත්තේය. චිත්‍රපට උළෙලේදී වැඩිම සම්මානය ප්‍රමාණයක්(03ක්) හිමිකර ගත්තේද 'Once Upon a Time in Hollywood' චිත්‍රපටයයි.


නාට්‍යමය චිත්‍රපට අංශයෙන් හොඳම නළුවා ලෙස 'Joker' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ 'ජෝක්වින් ෆීනික්ස් සම්මාන දිනා ගත් අතර එම අංශයේ හොඳම නිළිය ලෙස රෙනී සෙල්වෙගර් සම්මාන දිනා ගත්තාය. ඒ 'Judy' චිත්‍රපටය හාස්‍යය / සංගීතමය චිත්‍රපට අංශයෙන් හොඳම නළුවා ලෙස 'Rocketman' චිත්‍රපටයේ රඟපෑ තාරොන් එග්ර්ටන් සම්මාන දිනාගත් අතර එම අංශයේ හොඳම නිළිය ලෙසින් 'The Farewell' චිත්‍රපටයේ රඟපෑ ඕවික්වෆිනා සම්මාන දිනා ගත්තේය.

මෙහිදී ජනප්‍රිය බ්‍රිතාන්‍ය හාස්‍ය නළුවෙකු වන රිකී ජර්වයිස් මෙම සම්මාන උළෙල මෙහෙයවූ අතර '1917' චිත්‍රපටය වෙනුවනේ සෑම් මෙන්ඩස් විසින් හොඳම චිත්‍රපට අධ්‍යක්ෂ්‍යයට හිමි සම්මානය දිනා ගත්තේය. හොඳම චිත්‍රපට තිර රචනයට හිමි සම්මානය දිනා ගත්තේ ක්වින්ටන් ටරන්ට්නෝය. එහෙත් මෙම සම්මාන ද්විත්වයම සම්බන්ධයෙන් දැඩි කතාබහක්  ඇති වූ අතර ඒ මෙම සම්මාන තත්ත්වය සඳහාම කිසිදු බාධාවක් නිර්දේශ නොවීම හේතුවෙනි.

'Missing Link' මෙවර හොඳම සජීවීකරණ චිත්‍රපටයට හිමි සම්මානය හිමිකර ගත් මෙම සම්මාන උළලේදී දකුණු කොරියාවේ 'Parasite' හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය. වසරේ හොඳම නාට්‍යමය රූපවාහිනි කතා මාලාවට හිමි ගෝර්ඩන් ග්ලෝබ් සම්මානය Succession දිනා ගත් මෙම උළෙලේදී, එහි හාස්‍යමය/සංගීතමය අංශයේ සමානය "Fleabag” දිනා ගත්තේය. ජීවිත කාලයටම එක් වරක් ප්‍රදානය කරන සිසිල් බී. ඩිමෙලි සම්මානය දිනා ගැනීමට ටොමි හාන්ක්ස් මෙහිදී සමත් වූ අතර ඒ ඔහු සිනමාව වෙනුවෙන් දුන් ජාත්‍යන්තර දායකත්වය හේතුවෙනි.

-මාලන් විදානපතිරණ-