ම්මගෙයි තාත්තගෙයි දෙපා නමැද රෝෂිණී නිවසින් පිටවුයේ දහසකුත් බලාපොරොත්තු සිත්හි තබා ගනිමින් වෛද්‍යවරියක ලෙස නැවත නිවසට පැමිණෙන ඒකායන අදිටනනි. යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටීයදී අකල් මරණයකට ගොදුරු වූ බේරුවල බඳනගොඩ හපුහෙට්ටිගේ දොන් රෝෂිණි කාංචනා (28) සිසුවියගේ
තොරතුරු සොයා ඇයගේ නිවසට ගිය අපට බඳනගොඩ පවුලේ ඥාතීන් වැඩිදුර තොරතුරු ලබාදෙන ලද්දේ හැඩු කඳුළිනි.

බේරුවල ඩී.එස්. ස්නානායක මැදි විදුහලෙන් සහ මතුගම සී ඩබීලිව්.ඩබිලිව්. කන්නන්ගර පාසල් වෙතින් ඉගෙනුම ලැබූ රෝෂීණී ඇයගේ දක්ෂතාව නිසාම යාපනය විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට වරම් ලැබුවාය. එහෙත් වෛද්‍යවරියක වීමේ ඒකායන අදිටනින් ඉගෙනුම ලැබූ අවසන් වසරේ අධයාපනය හදාරමින් සිටියදී ඇයට ඛේදනීය ලෙස ඇයගේ ජීවිතයෙන් සමුගැනීමට සිදුවූයේ සිත් පිත් නැති අයුරින් ඇයගේම සැමියා විසින් තියුණු ආයුධයකින් ගෙල කැපීමිනී.
ඇයගේ සාර්ථක ගමන ඛේදනීය ලෙස අවසන් කිරීමට  ඒ දෙවෝපගත සිදුවීමට මඟ විවර විය.

ඇයගේ ගමේම තරුණියෙකු සමඟ ඇය පෙමින් බැඳුණු අවස්ථාවේ මවුපීයෝ හා පවුලේ ඥාතීන් මුලසිටීම මෙම සම්බන්ධයට විරුද්ධ වුහ. පවුලේ අයගේ එතරම් කැමැත්තක් මේ විවාහයට නොතිබුද වසර දෙකකට පෙර ඔවුනගේ කැමැත්තෙන් දෙපළ යුගදිවියට පා තැබූහ. යුග දිවියට ඇතුළු වුවද විවිධ ගති පැවැතුම් හා මත ගැටුම් මත නිතර පවුල් ආරවුල් ඇති වන්නට විය.

මෙම ගැටුම් වලට මිය ගිය සිසුවියගේ සහෝදරයකුද අතැම් අවස්ථාවල මැදිහත් විය. එහි අවසන් ප්‍රතිඵලය ලෙස සිසුවිය සිය සැමියාගෙන් දික්කසාද වීමට කටයුතු කර තිබිණි. එහි උච්චතම අවස්ථාව එළඹ තිබුණේ පසුගියදා (22) දින යාපනය ප්‍රදේශයේදී එරංග විසින් රෝෂිණිගේ දිවි තොර කරමිනි.

වෛද්‍යවරියක ලෙස බොහෝදනා ජීවත් කරවන්නට පැතූ අයගේ
පැතුම් මෙලෙස මිලාන වී ගියේ සියලු දෙනා කම්පාවට පත්කරමිනි.
 "මිනිසාමයි ලොව දෙවියන් වන්නේ - මිනිසාමයි ලොව තිරිසන් වන්නේ”යන කියමන රෝෂිණිගේ ජීවිතයේ
ඛේදනීය අවසානයටද ගළපා ගත හැක්කකි. ඇයගේ සැමියාද යුද හමුදා වෛද්‍ය බළකායට අනුයුක්ත වූවකු බව සඳහන්ය.
යාපනය වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලද වෛද්‍ය සිසුවි රෝෂණි කාංචනා නමැති 29 හැවිරිදි සිසුවිය ඝාතනය කළැයි කියන ඇය ගේ සැමියා. එළඹෙන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට යාපනය මහේස්ත්‍රාත් එස්. පීටර් පෝල් මහතා ඊයේ නියෝග කළේය.

ඔහු යාපනය පරන්තන් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කළ බේරුවල ප්‍රදේශය ස්ථිර පදිංචි මද්දුමගේ දොන් එරංග දිලීප් කුමාර නමැවී 30 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය තරුණිය හා සිද්ධියට සම්බන්ධ සැකකරු යාපනය,පන්නෙයි ව්‍යායාම මංතීරුව ප්‍රදේශයේදී කතා බහ කරමින් සිටිමින් අනතුරුව සැකකරු පෙරේදා  (22දා) දහවල් වෛද්‍ය සිසුවියගේ ගෙල කපා මරා දමා තිබිණි.

අලුත්ගම - කේ.ඩී.පවුලින් / වවුනියාව - එන්.ප්‍රියදර්ශනී

සිද්ධිය පිළිබඳ පෙර වාර්තාව
යාපනය සරසවියේ වෛද්‍ය සිසුවියක සෙබළ සැමියා ඝාතනය කරයි