ව්‍යාජ ඔප්පු සකසා තල්මන්නාරමේ පිහිටි රුපියල් ලක්ෂ 240ක් පමණ වටිනා අක්කර 40ක ඉඩමක් අත්පත් කරගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් උතුරු පළාත් සහා හිටපු මන්ත්‍රීවරයකු වන රිෂාඩ් බදියුදීන් නමැත්තා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (23) නියෝග කළාය.

මන්නාරම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බාල සොහොයුරා වන සැකකරු පෙරේදා (22) රාත්‍රියේ කොළඹදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරවිමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඊයේ (23) අධිකරණයට ඉදිරිපත් කරුණු අවස්ථාවේදී මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරීණි. ඇප පනත ප්‍රකාරව මෙම සැකකරුට ඇප ලබා දුනහොත් අධිකරණය මගහැරීමේ ප්‍රවණතාවක් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරිමේ හැකියාවක් ඇති බැවින් ඇප ඉල්ලීම ප්‍රතිෂ්ප කළ මහේස්ත්‍රාත්වරිය, සැකකරු එලස රක්ෂිත බාරයට පත් කළාය.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි ජනාධිපති නීතිඥ කලිංග ඉන්දතිස්ස මහත අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර සිටියේ, තම සේවාදායකයා කිසිදු කුඨ ලේඛනයක් සකස් කර නොමැති අතර, ඔහු සම්බන්ධයෙන් පවතින නඩු හෝ පෙර වැරදි නොමැති බවත් විමර්ශනයට බලපෑම් කිරීමට කිසිදු හේතුවක් නොමැති බවය. ඒ අනුව අප පනත ප්‍රකාරව ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයාට ඇප ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (23) පළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි. පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ වාණිජ විමඒශන ඒකක 3 නිලධාරීහුද සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක්ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සිද්ධියේ පළමු සැකකරු මදාර් මොහිඩීන් අන්සාර් ඩීන් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම ඉඩමේ මුල් පදිංචිකරු තම සේවාදායකයාට මෙම ඉඩම ලබාදී තිබුණේ 1860 ගණන්වල ඔප්පු පිටිපලට අනුව බවත්, 2013 වර්ෂයේදී ඔහුගේ මව විසින් මුළු ඉඩමම ලබා දුන් බවත්ය. එසේම, දරුවන් හතර දෙනෙකුගේ අයිතිය අත්හැරීමේ ලියැවිල්ලකට සහ මුස්ලිම් නීතියට අනුව මෙම ඉඩම තම සේස්වාදායකයා වෙත ලැබී ඇති  බවද ඔහු මෙය 2005 වසරේදී යාසින් නමැත්ත කුට විකුණා ඇති අතර, එම යාසින් නමැත්තා එස්කාස් කැපිටල් දිග්ගල පුද්ගලික සමාගමට මෙය විකුණා ඇති බවද නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයා අපරාධ පරික්ෂණය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබු දිවුරුම් ප්‍රකාශයේ ඇති අත්සනක ඇති පරස්පරතාව හේතුවෙන් ඔහු මාසයකට අධික කාලයක් රක්ෂිත භාරයේ පසුවන බව ද ගීතිඥවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ අත්හැරීමේ ලියැවිල්ලට අදාළව අත්සන් කර ඇති එක් දරුවකු වන සිත්ති ෆයිලරෝසා සුල්තාන් මරික්කාර් නමැත්තිය දිවුරුම් ප්‍රකාශය අත්සන් කළ දිනයේදි විදෙස් ගතව සිට ඇති බව ආගමන විගමන වාර්තා සඳහන් කරන බවය.

දෙවැනි සැකකරු වන රිෆ්ඛාත් බදියුදීන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස මහතා සඳහන් කළේ. මෙම සිද්ධියට අදාළ මුල් පැමිණිල්ල පැමිණිලිකරු විසින් සිදුකරනු ලබන්නේ ඉකුත් 2015 වර්ෂයේ නොවැම්බර් මස 30 වැනිදා වන අතර, එහි විමර්ශන කට්ත 2017 වර්ෂයේදි නතර වූ බවය.

තම සේවාදායකයා මෙම ඉඩමට අදාළව කුඨ ලේඛන කිසිවක් සකස් කර නොමැති බවත් ඔහු සාලාග් නමැත්තාට මුදල් ගෙවා මෙම ඉඩම ලබා ගත් බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දු න්නේය.

එසේම, සලාහ් යන අයගෙන් තම සේවාදායකයා ඉඩම් කට්ටි තුනක් පමණක් මිලට ගෙන ඇති බවද ඒවා මිලදී ගත් මෙම සිද්ධියේ පැමිණිලිකරුගෙන් නොවන බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.

තම සේවාදායකයා මෙම ඉඩම මිලයට ගත්තේ ඉකුත් 2013 වර්ෂයේ දෙසැම්බර් මස 03 වැනිදා බවද මෙහි පැමිණිලිකරු ඔහුගේ ඉඩම් කට්ටිය මිලට ගත්තේ 2013 වර්ෂයේ ජුනි මස 25 වැනිදා බවද සඳහන් කළ ජනාධිපති නීතිඥ ඉන්දතිස්ස මහතා තම සේවාදායකයා කිසිදු කුඨ ලේඛනයක් සකස් කර නොමැති බවත් ඔහු සමග ආරවුලක් පටන් ගත් මෙහි පැමිණිලිකරු බවත් පැවසීය.

එසේම, තම සේවාදායකයා මේ වන විට මෙම ඉඩම එස්කාස් කැපිටල් දිග්ගල පුද්ගලික සමාගමට විකුණා ඇති අතර, මෙහි පැමිණිලිකරු ඇතිකරගත් ආරවුල විසඳා දෙන ලෙස එම සමාගම තම සේවාදායකයාට පවසා ඇති බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙහිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙහි මුල් ඔප්පුවල පන්ඉරු අතරුදහන්ව ඇති බවත්, දෙවැනි සැකකරු එස්කාස් කැපිටල් දිග්ගල පුද්ගලික සමාගමට විකුණා ඇති ඔප්පුවේ ඉඩමේ නමට අලුත් නමක් යොදා ඇති බවය.

දෙවැනි සැකකරු තව පිඹුරක් සකස් කර එසකාස් කපිටල් දිග්ගල පුද්ගලික සමාගමට මෙම ඉඩම විකුණා ඇත්තේ, ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 13 වැනිදා බවත් එහිදී මුල් ඔප්පුවේ සඳහත් නම වෙනස් කර වෙනත් නමක් යොදා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සඳහන් කළේ මුල් ඔප්පුවල සඳහන් නම් වෙනස් කර ඇති බවට විමර්ශකයින් අනාවරණය කරගෙන ඇති බවත්, මෙම පැමිණිල්ල අතරමගදී ඉල්ලා අස්කර ගැනීමට පැමිණිල්ලට ඉල්ලීම කර ඒ සඳහා චෙක්පත් ද ලබා දී පොළඹවා ඇති බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙවැනි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශකයින් සැකකරු සිටින ස්ථානයට කිහිප වතාවක් ගොස් තිබුණද සැකකරු ජංගම දුරකතනයටද ප්‍රතිචාර නොදක්වා පදිංචිය ද අත්හැර ගොස් ඇති බවට ඉකුත් 09 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් වූ බවද මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

ඒ අනුව. සැකකරු ඇප ලබා දුනහොත් අධිකරණය මගහැරී ගමන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් විමේ ප්‍රවණතාවක් ඇති බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රක්ෂිත භාරයට පත්කරනු ලබන බව මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

මෙම සිද්ධියේ පළමු සැකකරු වන තලෙයිමන්නාරමේ පදිංචි මදාර් මොහිදින් අන්සාර්ඩීන් නමැත්තා රුපියල් ලක්ෂ 5 බැහින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ද අධිකරණ නියෝග කළ අතර, ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් දෙසැම්බර් මස 05 වැනිදාය.

මෙම සැකකරු අත්අඩංගුවට පත්වීමට පෙර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ දිවුරුම් ප්‍රකාශය සහ අත්අඩංගුවේ දී ලබා දුන් දිවුරුම් ප්‍රකාශ පරස්පර විම හේතුවෙන්  (23) දින වනතුරු එනම් මාසයකට අධික කාලයක් ඔහු රක්ෂිත භාරයේ පසුවිය.

මෙම සිද්ධියට අදාළව දෙවැනි සැකකාර රිෆ්ඛාන් බදියුදීන් නමැත්තාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසින් අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබුණේ ඉකුත් දෙසැම්බර් මස 05 වැනිදායි.

මන්නාරම තලෙයිමන්නාරම පිහිටි උප්පුරතිරව් හෙවත් වෙට්ටිතිරව් නමැති සක්කර 40ක මෙම ඉඩම සඳහා ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණේ අංක 15 ඒ 1/1 ශ්‍රී සද්ධර්ම මාවත, කොළඹ 10 ලිපිනයහි පදිංචි අබ්දුල් කාසිමි මොහාමඩ් සලාහි නැමැත්තා විසින් ඉකුත් 2015 වර්ෂයේ නොවැම්බර් මස 16 වැනිදාය.

මෙම ප්‍රශ්න ගත දේපළ සම්බන්ධයෙන් රිෆ්ඛාන් බදියුදීන් හා ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් සමග එකගතාවකට පැමිණ ඒ දේපල අදාළ එස්කාස් කැපිටල් දිග්ගල පුද්ගලික සමාගමට පැවරෙන බවත්, ඒ සඳහා එම සමාගම රුපියල් මිලියන 25ක් ලබාදුන් බවත් පැමිණිලකරුණු සඳහන් කර ඇති බැවින් මෙම සිද්ධිය සමථයකට පත් වූ බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 2017 අගෝස්තු මස 02 වැනිදා අධිකරණයට වාර්තා කර තිබිණි.

ඒ අනුව මෙම නඩුව අවසන් කරන ලෙසට ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබිණි.එසේම, රුපියල් මිලියන 25ක මුදලට අමතරව රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් ආරිෆ් නමැති පුද්ගලයකු රුපියල් මිලියන 30ක චෙත්පතක් ද ලබාදුන් අතර එම චෙක්පතට අදාළ මුදල් 2017/07/24 වැනිදා වන තුරුත් ලබා නොදී වංචා කළ බවත් පැමිණිලිකරු නැවත පැමිණිලි කළ බැවින් මෙම නඩුව නැවත ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එහිදී අධිකරණය නියෝග කර තිබුණේ සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගහන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසය.

මන්නාරම තලෙයිමන්නාරම පිහිටි උප්පුරතිරව් හෙවත් වෙට්ටිතිරව් නමැති අක්කර 40ක ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තතා කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අපහු 3හි ස්ථානාධිපති නාලනී දිසානායක මහත්මිය විසින් ඉකුත් 2016 වර්ෂයේදීය.

මෙහි පැමිණිලිකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇත්තේ, තමන් විසින් 2013 ජුනි මස 25 දරන විකුණුම්කර ඔප්පු මහින් තලයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි උප්පුරතිරව් හෙවත් වෙට්ටිරව් නමැති අක්කර 40 බැඟින් වූ ඉඩම් කොටස් දෙකක් රුපියල් ලක්ෂ 240ක් ගෙවා මිලදී ගෙන එම ඉඩමේ මායිම් ලකුණු කර වෙන්කළ බවත්, එසේ මිලදී ගැනීමෙන් මාස කිහිපයකට පසු ඊෆ්ඛාන් බදියුදීන් යන අය ඇතුළු පිරිසක් එම ඉඩමට අයිතිවාසිකම් කියමින් තමාට එම දේපලව් ඇතුළුවීමට බාධා කළ බවත් ය. එමෙන්ම, තමන් විසින් මිලදී ගත් දේපල සඳහා වංචනික ඔප්පු සකසා මුදල් හා දේපල තමාට අහිමි කර ඇති බව ද පැමිණිලිකරු වැඩිදුරවත් රහස් පොලිසියට සදහන් කර ඇත.

මෙම සිද්ධිය, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 400,403,454,457,459,102,113 යන වගන්ති ප්‍රකාරව වරදක් බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

නිමන්ති රණසිංහ