යාපනයේ පන්නෙයි මුහුදු ප්‍රදේශයේ තිබී යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවකගේ මළසිරුරක් ඊයේ පොලීසිය විසින් සොයා ගෙන තිබුණි. සිද්ධිය දුටු අය පොලීසියට පවසා තිබුනේ, මියගිය ශිෂ්‍යාව තවත් තරුණයෙකු සමග එම ස්ථානයේ සිටිනු නිරීක්ෂණය වූ බවයි.
මියගිය ශිෂ්‍යාවගේ බවට සැකකෙරෙන
කුඩයක් හා සෙරෙප්පු දෙකක් මළ සිරුර අසල තිබී හමු වූ අතර ඝාතනය සිදුකිරීමෙන් පසු පළායාමට තැත්කළ  ඇගේ සැමියා බවට සැකකරන හමුදා සෙබළෙකු පොලිසිය ක්‍රියාත්මකවී  අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ අනුව සිද්ධිය පිළිබද තොරතුරු අනාවරණය වුනේ මෙම සෙබළා ඇයව පිහියකින් ඇන ඝාතනය කර මුහුදට දැමූ බවකි.
යාපනය 662 වැනි බළසේනා මූලස්ථානයේ වෛද්‍ය අංශයේ රාජකාරි කරන ලාන්ස් කෝප්‍රල් මද්දුමගේ දොන් එරංග දිලිප් කුමාර නමැති 30 හැවිරිදි අය මෙම ඝාතක සැමියා වූ අතර මියගොස් තිබුනේ බේරුවල බඳනාගොඩ පදිංචිව සිටි හපුහෙට්ටිගේ ‍ කාංචනා නමැති 29 හැවිරිදි වෛද්‍ය සිසුවියකි.
ඇගේ ගෙල හා අත කපා ඝාතනය කොට මුහුදට තල්ලුකරන ලද බව සෙබළා පාපොච්චාරණය කර තිබේ.‍ සිසුවිය සැකකරු හමුවීමට යාපනය කොටුවට පැමිණ ඇති බවටත්, එහිදී දෙදෙනා අතර වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු සැකකරු තම අතෙහි තිබූ තියුණු ආයුධයකින් වෛද්‍ය සිසුවියගේ ගෙල හා අත කපා ඝාතනය කොට මුහුදට තල්ලුකර පලා යෑමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් ඝාතකයා පසුපස ලුහුබැඳ ගොස් අල්ලා පොලිසියට භාරදුන් බවත් පොලිසිය පවසයි.


සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසියෙක් සිද්ධිය මෙසේ විස්තර කළා.

“ව්‍යායාම් මංතීරුවේ පෙම්වතුන් හමුවීම සාමාන්‍ය දෙයක්. මේ දෙන්න ඉන්නවත් අපි දැක්කා. එකවරම දෙන්න අතර කලබලයක් වගේ අපිට තේරුණා. ඒත් අපි විපරම් කර බැලුවේ නෑ. එකවරම තරුණිය කෑගහන ශබ්දයක් ඇසුණා. තරුණයා ආයුධයකින් ඇන්න බව අපට තේරුණා. ඉන්පසු තරුණිය පහළට තල්ලු කර දමා ඔහු පැනයන්න හදද්දී කට්ටිය ඔහු ලුහුබැඳ ගොස් අල්ලාගෙන පොලිසියට භාරදුන්නා. තරුණියගේ ගෙල කපා තිබූ බවත් මියගොස් ඇති බවත් අපට තේරුණා.”

ඝාතනයට ලක්වූ සිසුවිය බේරුවල, වලතර, බඳනගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක කාන්තාවකි.
පිහි ඇනුමින් පසු ඇය යාපනය මහ රෝහල වෙත රැගෙන යෑමේදී මියගියාය.
යුද හමුදා වෛද්‍ය බළකායේ රාජකාරි කරන බේරුවල, කාලවිල දන්ද ප්‍රදේශයේ පදිංචි
මෙම ඝාතක සෙබළා සමග ඇය දෙවසරකට පමණ පෙර විවාහ වී සිටි අතර දෙදෙනා අතර නිතර නිතර පවුල් ආරවුල් ඇතිවීම හේතුවෙන් වෛද්‍ය සිසුවිය මීට වසරකට පමණ පෙර තම නිවෙසේ පදිංචියට පැමිණ ඇතැයි පවුලේ ඥාතියෙක් සඳහන් කර තිබුණි.
 දික්කසාද නඩුවක්ද ගොනු කර ඇත. එම නඩුව මේ වන විටත් විභාග වෙමින් පවතී.

ඝාතනයට ලක්වූ වෛද්‍ය සිසුවියගේ පියා කළුතර කොට්ඨාස පොලිස් අධිකාරි කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයකු ලෙස සේවය කරන අයෙකි.
දරුවන් සිවුදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන ඇයට බාල සහෝදරයන් දෙදෙනකු හා බාල සහෝදරියක්ද වන බව පොලිසිය සඳහන් කළා.ඇයගේ සොහොයුරා කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙකි.
29 හැවිරිදි සිසුවිය යාපනය විශ්වවිද්‍යායේ වෛද්‍ය පීඨයේ අවසන් වසර ඉගෙනුම ලබමින් සිටියාය.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පරන්තන් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කළ, කන්දේගම, බේරුවල ප්‍රදේශයේ ස්ථිර පදිංචි මද්දුමගේ දොන් එරංග දිලිප් කුමාර නමැති 30 හැවිරිදි ඇයගේ සැමියා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය සිසුවියගේ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය පිළිබදව පරීක්ෂණ ක්‍රියාත්මකයි.සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.