https://www.gossiplankanews.com/2020/01/ranjan-upeksha.html
මේ දිනවල හඬපටි නිසා ආන්දෝලනයක් ඇති කර තිබෙන රන්ජන් රාමනායක සම්බන්ධයෙන් අදහසක් පළකරන්නැයි පුවත්පතක් කළ ඉල්ලීමට බොහෝ සහෝදර කලාකරුවන් ප්‍රතිචාර
දැක්වීමෙන් වැළකී තිබේ.
තම ක්ෂෙත්‍රයේ හිතවතා වෙනුවෙන්
ඔවුන් එසේ කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය කෙසේ වෙතත් උපේක්ෂා ස්වර්ණමාලී (පබා) මේ ගැන සෘජුව සිය අදහස් දක්වා තිබේ. ඇය ඒ ගැන මෙසේ කියා ඇත.


'රන්ජන් රාමනායකට තිබෙන්නේ මාධ්‍ය සාකච්ඡාවලදී තිබෙන ප‍්‍රතිරූපය නොවෙයි. ඔහු කාන්තාවන් දෙස බලන ආකාරය දැන් හොඳට තහවුරු වෙලා තිබෙනවා.

 රන්ජන්ගේ දුරකථන කතා බහ හරියට ළිඳ ළඟ සංගමය වගෙයි. රන්ජන් කවුද කියලා සැබෑ තත්ත්වය හෙළිවුණා. රන්ජන් සමග යම්කිසි කෙනෙකු දුරකථනයෙන් කතා කරන්නේ යම්කිසි විශ්වාසයක් මතයි. ඔහු ඔවුන්ගේ විශ්වාසය කඩා බිඳ දැම්මා. රන්ජන් සමග දුරකථනයෙන් මා කතා කරන්නේ නැහැ. හේතුව ඔහු ඒවා පටිගත කරන බව මට විශ්වාසයක් තිබුණා.'