සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීමට ආණ්ඩුව තීරණය කර නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (14) ද්‍රවිඩ මාධ්‍ය ප‍්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ.



යම් මතයක් දරණ දේශපාලනඥයන් ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කිරීමට විවිධ මත ප‍්‍රකාශ කළද එය ආණ්ඩුවේ තීරණයක් ලෙස සැලකිය නොහැකි බවද එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ද්‍රවිඩ උත්සවයකදී එම භාෂාවෙන් ජාතික ගීතය ගායනා කිරීම තහනම් කර නැතැයිද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

එක රටක තිබිය හැක්කේ එක ජාතික ගීතයක් පමණක් යැයි කී අගමැතිවරයා මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කතා කිරීමෙන්ම ජාතීන් අතර භේදය වැඩිවන බවද ප්‍රකාශ කර ඇත.

ජාතික ගීතය සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් මතුව තිබෙන බවට තමන් දැනගත්තේ පත්තරවලින් යැයිද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

මීට පෙර සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙවැනි තීරණතාමක් ප්‍රශ්නවලදී තමන් එය දුටුවේ පත්තරවලින් යැයි කීමට හුරු වී සිටියේ ය.