අද (15) උදෑසන මිරිහාන පොලීසියට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

 මිරිහාන
පොලිසියේ පරිසර කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙස මෙම නිලධාරියා සේවය කරමින් සිටි අතර සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බව පරීක්ෂණ වලදී හෙළිව තිබේ.

වෙඩි තබා ගැනීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇති අතර රෝහල්ගත කළද වෙඩි වැදුණ තුවාල බරපතල වීම නිසා පසුව ඔහු ජිවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඔහු මෙලෙස වෙඩි තබාගෙන තිබෙන්නේ පුද්ගලික ප්‍රශ්නයක් මුල් කරගෙන බව සැකකරන අතර තවම ඒ ගැන වැඩිදුර ආරංචි වාර්තාවී නැත.