https://www.gossiplankanews.com/2020/01/ranjan-tapes-hirunika-fake.html
න්ජන් රාමනායක සමග පැවැත්වූ දුරකථන ඇමතුමක හඬ පටයක් යයි දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමග පැවැත්වූ කතාබස් 2 ක් සමාජ මාධ්‍ය වෙත පළවී ඇති බවත් ඉන් දෙවැන්න
 විකෘති කළ හඬපටයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය  ෆේස් බුක් වීඩියෝවක පෙනී සිටිමින් පැවසුවාය.
“මේ වන විට මගේ යැයි කියන හඬපට දෙකක්
එළියට ඇවිත් තිබෙනවා.

පළමු හඬපටයේ කථා විලාශයත් දෙවැනි හඬ පටයේ කථා විලාශයත් බලන්න. මේ දෙවන හඩ පටයේ විකෘති කරපු හඩ සංස්කරණය කරපු, කථාව සංස්කරණය කරපු  හඩ පටයක් තමයි මේ දෙවැනි හඩපටය. අද රටේ ප්‍රධානම ප්‍රශ්න යටපත් කරන්න මේ හඬපට භාවිත කරනවා. මම අභියෝග කරනවා පුළුවන්නම් ඇත්ත හඩ පට ප්‍රසිද්ධ කරන්න”
ඇය කියා සිටියාය.

රන්ජන් හා හිරුණිකා පැවැත්වූ බවට ප්‍රචාරය කර ඇති මෙම සංවාදය අතිශය අසභ්‍ය වචනද සහිත වූවකි.
විමසා බැලීම පිණිස එම හඩ පට දෙක පහතින් දක්වා ඇත.