සුගියදා බලපත්‍ර අලුත් නොකළ ගිනි අවි හා පතොරම් සන්තකයේ තබා ගත්තැයි චෝදනා මත අත්අඩංගුවට ගැනුණ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද(14) නැවත අත්අඩංගුවට පත්වූයේ දුරකථන මගින් සම්බන්ධ වෙමින් අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරිවලට අනිසි බලපෑම් එල්ල කළේය යන වරදකටය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස වලදී
පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගියා.
අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරිවලට අනිසි බලපෑම් එල්ල කර ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූ පසු ගංගොඩවිල මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝගකර ඇත්තේ සැකකාර රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙසයි.


දුර ඇමතුම් මගින් අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරිවලට අනිසි බලපෑම් එල්ල කිරීම රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඇති චෝදනාවයි. ඒ මහතා අධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනෙකු සමග පැවැත්වූ දුරකථන සංවාද පරික්‍ෂා කිරිමේදී විනිසුරුවරුන්ගේ රාජකාරිවලට රන්ජන් රාමනායක මහතා අනිසි බලපෑමක් සිදුකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඇ දෙක ව්‍යවස්ථාවට අනුව අධිකරණ කටයුතුවලට බලපෑම් කිරීමේ වරද රන්ජන් රාමනායක මහතා සිදුකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියාසිටියා. එම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව අධිකරණ කටයුතුවලට හෝ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරිවලට බලපෑමක් කරන්නේ නම් එම පුද්ගලයාට එරෙහිව මහාධිකරණයක් මගින් දඩයක් සමග වසරක සිරදඩුවම් නියම කළ හැකියි.


එවැනි පුද්ගලයෙකුට වසර 7 ක කාලයක් ඡන්ද හිමියෙකු වීමට ජනමත විචාරණයක්, පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් සදහා ඡන්දය දීමට හෝ රජයේ කිසිදු තනතුරක් දැරීමට සුදුසුකම් නොලබන බව එම ව්‍යවස්ථා ප්‍රතිපාදනයේ සදහන්ය. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කර තිබුණා.

මෙම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රන්ජන් රාමනායක සිනහමුසු මුහුණින් ‌ෆේස් බුක් ලයිව් පැමිණ නරඹන්නන් වෙත අදත් එක්වූ අතර 'කට්ටිය අදත් ඇවිල්ලා' යනුවෙන් සිනාසී පැවසුවේය. පසුව සැලියුට් ගසා පිටත්ව යාමට සැරසුනේ සුවඳ විලවුන්ද ගත තවරාගෙනය.

රන්ජන් මහාධිකරණ විනුසුරන්ට බලපෑම් කළ බවට සැකකර කරුණු ඉදිරිපත් කර ඇ.ති ඔහුගේ පිටවූ හඩපට 5 ක් පහතින්