චීන විදේශ කටයුතු අමාත්‍ය චැන්ග් යී මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (13දා) රාත්‍රී දිවයිනට පැමිණියේය. මෙම සංචාරයේදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

යන මහත්වරුන් හමුවීමට නියමිතය. චීන වීදේශ කටයුතු අමාත්‍යවරයා 2020 වසරේ සිදුකරන ප්‍රථම විදේශ සංචාරය ලෙස ශ්‍රී ලංකාවට ළඟා වී ඇති අතර, වත්මන් ජනාධිපතිවරයා සහ නව රජය පත්වීමෙන් පසුව මෙරටට පැමිණි ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙසද ඔහු හැදින්විය හැකිය.

එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ දෙරට අතර ආර්ථික සහයෝගිතාව මෙන්ම, අධ්‍යාපන ක්ෂේත්‍රය හා ආරක්ෂාව ආදී ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡාවක ඔහු නිරත වනු ඇති අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ මැදපෙරදිග ආදී ජාත්‍යන්තර කරුණුද මෙම සාකච්ඡාවට අඩංගු වනු ඇති බවද වාර්තා වෙයි.
 -ෂමිල පෙරේරා-