Sinhala Edition English Edition
Facebook Official Fanpage Official Twitter Account Rss Feed
Load more news >>

Latest News

Load more news >>

Advertisements

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

https://www.gossiplankanews.com/2020/01/padiyathalawa-clay-girl.html#more
දියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මොරදෙණිය ග්‍රාම නිලධාරි වසමේ, ඉතා දිළිඳු පවුලක දරුවකු තම නිවසේ බිත්තිවල ඇති මැටි  ආහාරයට ගන්නා පුවතක් කොලානයාය ගම්මානයෙන් වාර්තා වේ.  පවුලේ කිසිවෙකුටත් ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිකමින්
දැඩි  අසරණභාවයට පත්ව සිටින  ඔවුන් ඇතැම් දිනක කුසගින්නට ආහාර නොමැතිව නිරාහාරව  සිටින බවත්, තම වැඩිමහල් දියණිය අසනීප තත්වයකින් පෙළෙන බවත්, බිත්තිවල පස් ඇය ආහාරයට ගන්නා බවත් පවසයි.

මේ පිළිබඳව අප කළ විමසීමේ දී එම දියණියගේ මව වන

බී.එම්. රම්‍යලතා මහත්මිය (අවු.32) මෙසේ පැවසුවාය. අපි ගොඩක් දුප්පත්. මහත්තයාටවත් මටවත් ස්ථිර ආදායම් මාර්ගයක් නෑ. අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. දරුවෝ දෙනෙක් ඉනචා. දුවයි පුතයි. අපි එදා වේල පිරිමහ ගන්නේ බොහොම අමාරුවෙන්. උදේට කෑවොත් දවල් නෑ. රෑටත් නෑ. සමහරදාට රෑට කෑම ඉල්ලපුහම දෙන්න දෙයක් නැති නිසා මම ඉතිං කරන්නේ වේලාසනින් දරුවන්ව නිදි කරවන එකයි.

ලොකු දරුවා ගැහැණු දරුවෙක්. එයා ගෙදර තියෙන බිත්තිවල පස් කනවා. සමහරදාට නින්දෙන් නැගිටල බිත්ති සූරගෙන කනවා. බඩගින්නට එහෙම කනවද අසනීපයක් නිසා එහෙම කනවද දන්නෑ. ගෙයි හැම තැනම තියෙන්නේ සූර සූර පස් කාපු තැන් යැයි පවසමින් ඇය එම ස්ථාන අපට පෙන්වුවාය. මොවුන් 73/3 කොලානයාය, සේරන්කඩ යන ලිපිනයේ කටු මැටි සහිත සෙවිලි තහඩුවලින් සැදු කුඩා නිවසක පදිංචිව සිටින

අතර 12 හැවිරිදි තම දියණිය පාසල් නොයන බවත්, 6 වැනි වසර දක්වා පාසැල් අධ්‍යාපනය හැදෑරු බවත්, ඉන්පසු ඇගේ පාසල් ගමන නතර වූ බවත් ඇය කුමන අසනීප තත්වයකින් පෙළෙන්නේ දැයි තමන් නොදන්නා බවත් ඇගේ පියාවන එන්.ඩබලිව්. ධර්මදාස  (අවු.46) මහතා පවසයි.ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

අපිට ඉන්න හිටින්න හරි හමන් තැනක් නෑ. මට ඕනේ මේ ගේ කෑල්ල හදා ගන්න. අපිට කවුරු හරි උදව් කරන්න කියලයි අපි ඉල්ලන්නේ. මට ස්ථිර රස්සාවක් නෑ. දරුවො දෙන්නෙයි නෝනයි එක්ක අපි ජීවත්වෙන්නේ හරිම අමාරුවෙන්. මම කුලි  වැඩ කරන්නේ. කුලී වැඩ හැමදාම නෑ. අපිට  කන්න නැතත් කමක් නෑ. මේ ගෙයි බිත්ති පෙරළෙන්න ළඟයි. ගෙයක් හදා ගන්න උදව් වෙනවනම් ලොකු දෙයක්. ඒ වගේම අපේ දරුවා වෙනුවෙන් පිං පඩි කාඩ් එකක් හදල දෙන්න කියලත් ඉල්ලනවා.

-සඳරු බණ්ඩාර-













Load more news >>

Gossip Lanka Previous News

Latest Side News

Advertisement

Gossip Lanka Stats

Follow Us on Youtube & Twitter