කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ඉතා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කර තිබෙන අතර වෛරසය ආසාදනය වූ අය 1000 කට අධික ප්‍රමාණයක් වුහාන්හි සිටියදී 50
කට අඩු ප්‍රමාණයක් සිචුආන්හි වාර්තාවී තිබූ අවස්ථාවක මුල්වරට ශ්‍රී ලංකාව සිචුආන් සිසුන් ගෙන්වා
ගැනීමට උනන්දු විය.
වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස චීනයේ ඉගෙනුම ලබන විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පුත්‍රයා වන විභූති විශ්වජිත් වීරවංශද එසේ පැමිණි සිචුආන් සිසුන් අතර සිටි බව වාර්තාවේ.

කොරෝනා වෛරසයට තදින්ම බලපා තිබෙන ප්‍රාන්තය වන වුහාන්හි සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව තවම අසමත්ව ඇති අතර ජපානය හා ඇමරිකාව පමණක් සිසුන් තම රටට ගෙන්වා ගෙන ඇත.
ලබන 30 වනදා (හෙට) වනතුරු එම නගරය අගුලු දමා ඇත.

වුහාන් ප්‍රාන්තයට සම්බන්ධ වීම වළක්වාලමින් එම ප්‍රාන්තය වසා දමා තිබූ නිසා එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් 50 කට පමණ දැඩි ආහාර අර්බුදයකදට මුහුණදීමට සිදුව තිබේ.
සිචුවාන් ප්‍රාන්තය පිහිටා තිබෙන්නේ වුහාන් ප්‍රාන්තයට කිලෝමීටර් දහසක් පමණ එපිටින්ය.