ඉදිරි මැතිවරණයකදී සිරකරුවන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දෙන්නැයි කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි. එම සංවිධාන විසින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කෙමිසම සහ මැතිවරණ කොමිසම වෙත ලිපියක් යෙමු කර තිබේ. කැෆේ සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා සහ ශ්‍රී ලංකා මානව හිමිකම්
කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ගේ අත්සනින් මෙම ලිපිය යොමු කර තිබේ.

සිරගතවීම පදනම් කර ගනිමින් කිසිදු අයුරකින් පුරවැසියකුගේ ඡන්ද අයිතිය අහෝසි කළ නොහැකි බව එම ලිපිය මඟින් පෙන්වා දි ඇති අතර එය බරපතල ලෙස මානව
අයිතිවාසිකම් කඩ කිරීමක් බව ද දැක්වෙයි. ලොව බෙහෝ රටවල සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබාදී ඇති බව ද එැවිනි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේද අනුගමනය කළ යුතුව ඇති බව අදාල ලිපිය මඟින් යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වලට සිටින සමස්ත සිරකරුවන් ප්‍රමාණය 25000 ඉක්මවන බවත් ඒ අතර සිටින ඡන්ද අයිතිය ඇති පිරිසට ඡන්අද අයිතිය අහිමි වී අති බවත් එහි සඳහන් වෙයි. අදාල බන්ධනාගාර තුළ ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවා ඡන්දය ප්‍රකාශ කිරීමෙ අවස්ථාව ඔවුන් වෙත ලබාදිය හැකි බව සදහන් කරන කැෆේ සංවිධානය සහ ශ්‍රීලංකා මානව හිමිකම් කේන්ද්‍රය එහිදී ඇතිවිය හැකි ප්‍රායෝගික දුෂ්කරතා අවම කර ගැනීමට නිසි වැඩපිළිවෙලක් රජය සතු විය යුතු බව සඳහන් කරයි. ප්‍රායෝගික හා තාක්ෂණික ගැටළු හුවා දක්වමින් සිරකරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීම කිසිදු අයුරකින් සදාචාර සම්පන්න නොවන බවද අදාල ලිපියේ සඳහන් වෙයි.