https://www.gossiplankanews.com/2020/01/man-gives-birth-matara.html
ඩේ කැක්කුමකට ප්‍රතිකාර ගැනීම සඳහා මාතර මහ රෝහලට ඇතුළත් වු කලිසමකින් සහ කමිසයකින් සැරසුණු රැවුලක් වවාගත් පුද්ගලයකු එහිදි දරුවකු ප්‍රසුත කිරිම පුවත ප‍්‍රදේශය පුරා පැතිර යෑමත් සමග ඒ පුද්ගලයාගේ මිතුරන් ඇතුළු විශාල පිරිසක් ඔහු දැක ගැනීමට
රෝහලට පැමිණෙන්නට වුහ. මාතර නගරයට නුදුරු ගමක පදිචිකරුවකු වන මොහු පිරිමි නමක් දී රෝගීන් ලියාපදිංචි කර ගැනීමේ ඒකකයට ඇතුළත් වී ඇත.  මුලින්ම රෝගියා පරික්ෂා කළ වෛද්‍යවරයා ඔහු රෝහලේ පිරිමි වාට්ටුවකට යොමුකර ඇත.

එම වාට්ටුරේ දී ඔහුගේ උදරය පරික්ෂා කළ වෙනත් වෛද්‍යවරයකු ඔහුගේ කුස තුළ දරුවකු සිටින බව දැන කලබලයට පත් වි වහාම ඔහු ගැබිනි මව්වරුන් ප්‍රතිකාර ලබන වාට්ටුවට යොමු කර ඇත. මව්වරුන්ගේ වාට්ටුවේදී දී ඔහුට අවශ්‍ය චිත්තය සහ බෙඩ් ජැකට්ටුව රෝහල් කාර්ය මණ්ඩලය විසින් ලඛා දී තිබිණි.

ඇඟපතේ පිරිමියකුගේ මෙන් රෝම කුප වැඩි මුහුණේ රැවුල සහිතව බැලු බැල්මට පිරිමියකුගේ ලක්ෂණ පෙන්නුම් කෙරුණු මොහු දැක රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම වාට්ටුවේ සෙසු ගැබිනි මව්වරුන් ද පුදුමයට පත් වී ඇත.

දරු ප්‍රසුතිය ආසන්න වෙද්දී ඔහු සුතිකාගාරයට රැගෙන ගොස් තිබූ අතර එහිදී පිරිමි දරුවකු ප්‍රසුත කර ඇත. කෙසේ වෙතත් දරුවාට මවුකිරි දීමට ඔහුට පියයුරු නොමැති වීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය බිලිඳාට පිටි කිරි දීමට පටන් ගෙන තිබිණි. ඔහුගේ ජාතික හැදුනුම්පත ද පිරිමියකු ලෙස සකස් කර ගෙන තිබූ අතර ගමන් මල්ලේ තිබු ඇදුම් පැළඳුම් ද පිරිමියකුගේ ඒවා බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය.

පිරිමියකුට දරුවකු ලැබි ඇතැයි කියන පුවත ප්‍රදේශ පුරා ලැව් ගින්නක් සේ පැතිර යද්දී එම පුද්ගලයාගේ හිත මිතුරන් ඇතුළු විශාල පිරිසක් ඔහු දැක ගැනීමට මාතර රෝහලට පැමිණෙන්නට වුහ. දීර්ඝ කාලයක සිට පිරිමියකු ලෙස පෙනී සිටිමින් ත්‍රිරෝද රථ රියදුරකු ලෙස රැකියාව කරමින් පිරිමින්  සමග වැඩිපුර කාලය ගත කර තිබු බේ තැනැත්තා කාන්තාවක බව අනාවරණය වී තිබුණේ නම් දරු ප්‍රසුතියට ආසන්න වු  අවස්ථාවේදීය.මේ පිළිබඳව නම සඳහන් කිරිමට අකමැති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුගෙන් විමසූ විට ඔහු මෙසේ කීය.

පිරිමියකුට ගර්භාෂයක් නොමැති නිසා දරුවකුට පිළිසිඳ ගන්නා කිසිම අවස්ථාවක් නෑ. සමහරුන්ට උපතේ දී තමන්ගේ ලිංගිකත්වය කුමක්දැයි ප්‍රශ්න මතු වෙනවා. ඇතැම් විට පිරිමි අයකු වුවත් පිරිමි ලිංගික අවයව හරිහැටි පිහිටන්ගන්නේ නැහැ. කාන්තා පාර්ශවයේ කෙනකු වුණත් පිරිමියකුගේ වගේ හෝමෝන පිහිටනවා.
මෙතැන දී අදාළ පුද්ගලයා මුළු ජීවිතයම පිරිමියකු ලෙස ගත කර තිබෙනවා. යන්තමට තිබු පියයුරු පවා සැත්කමකින් ඉවත් කර ගෙන තිබු නමුත් ගර්භාෂය ඉවත් කරගන්නයි ඉඳලා තියෙන්නේ. මෙය ඉතා කලාතුරකින් සිදු වූ දෙයක්.

-ක්‍රිෂාන් ජීවක ජයරුක්-