සරල, විනිවිද පෙනෙන කාර්යක්ෂම බදු ක්‍රමයක් යළි නිර්මාණය කරන බවට රජය විසින් ලබාදුන් පොරොන්දුව  ඉටුකරමින් දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන
අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

නව රජය බලයට පත්වීමෙන් පසුව පැවැති මුල්ම අමාත්‍ය මණ්ඩල රැස්වීමට ආර්ථික පුනර්ජීවනය ආරමිභ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී.

එමගින් පහසු බදු පරිපාලනයක් ප්‍රවර්ධනය කිරීමටත්, බදු ගෙවීම සඳහා ස්වයං අනුකුලතාවයක් හඳුන්වා දීමටත් තීරණය කර තිබිණි.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පරිදි 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සදහා ඉදිරිපත් කරනු ලැබේ.

දේශීය ආදායම් පනතට ගෙන එන එම නව සංශෝධන යටතේ රදවා ගැනීමේ බද්ද රු.250,000ක් දක්වා නිදහස් කරන අතර, උපයන විට ගෙවීම් බද්ද සදහා වන සීමාව රු.100,000 සිට රු.250,000 දක්වා ඉහළ දැමීම ඇතුළු බදු සහන රැසක් 2020 ජනවාර් මස 01දා සිට ක්‍රියාත්මක කෙරෙයි.


දේශීය ආදායම් යෝග්ජන පනත් කෙටුපත) ඇතුළත් බදු සහන
(i) පොලී අනුපාතය
(අ.) 2020 ජනවාරී මස 01දා සිට ඕනෑම පුද්ගලයෙකුට ගෙවනු ලබන පොලිය මසකට  රු.250,000ක් දක්වා රඳවා ගැනීමේ බද්දෙන් (Withholding Tax) නිදහස් වේ.

(ආ.) 2020 අප්‍රේල් 01දා සිට පොලී ගෙවීම් රඳවා ගැනීමේ බද්දට අදාළ නොවන අතර, එය තක්සේරු කළ හැකි ආදායමේ කොටසක් වේ.

(ii)උපයන විට ගෙවීමේ බද්ද (Payee Tax)
(අ.) 2020 ජනවාරි 01දා සිට උපයන විට ගෙවීම් බදු නිදහස් සීමාව මසකට රු.100,000සිට රු.250,000ක් දක්වා ඉහළ දමන ලදී. බදු නිදහස් සීමාව ඉක්ම වන ප්‍රමාණය රු.250,000ක් වන මාසික බදු ඛණ්ඩ මත 6%,12% හා 18% යන අනුක්‍රමික අනුපාතයට උපයන විට ගෙවීම් බද්ද අදාළ වේ.

(ආ.) 2020 අප්‍රේල් 01දා සිට උපයන විට ගෙවීම් බදු ඉවත් කෙරෙන අතර, සේවා නියුක්ති ආදායම තක්සේරු කළ හැකි ආදායමේ කොටසක් වේ.
(iii)සේවාන්ත ප්‍රතිලාභ
2020 ජනවාර් 1 සිට සේවාන්ත ප්‍රතිලාභ මත අදාළ වන ආදායම් බදු අනුපාත පහත පරිදි වේ.

• පළමු රු. මිලියන 10 = නිදහස්
• ඊළඟ රු. මිලියන 10 - 6%ක්
• ඉතිරිය - 12%ක්

(iv) 2020 ජනවාරී 01දා සිට වාසික තැනැත්තන්ට ගෙවනු ලබන විශේෂිත ගාස්තු මත රඳවා ගැනීමේ බද්ද ඉවත් කර ඇත.

(v) 2020 අප්‍රේල් 01දා සිට වාසික තැනැත්තන්ට සිදුකරන ස්වභාවික සම්පත් ගෙවීම්, ලාභාංශ, ගාස්තු,
කුලී, රාජ්‍යයේ භාග, චාරික විශ්‍රාම ගෙවීම් මත රඳවා ගැනීම් බද ඉවත් කරන අතර, එම ආදායම් තක්සේරු කළ හැකි ආදායයැම් කොටසක් වේ.

(vii) හවුල්කරුවන්ගේ කොටස් මත රදවා ගැනීමේ බද්ද ඉවත් කරන අතර, 2020 අප්‍රේල් 01දා සිට වාර්ෂිකව රුපියල් මිලියනයක් ඉක්මවන බදු අයකළ හැකි ආදායම මත 6%ක හවුල් ව්‍යාපාර බද්දට යටත් වේ.

(vii) නිදහස් කිරීම්

 (ආ.) 2019 අප්‍රේල් 01දා සිට කෘෂිකාර්මික, පශු සම්පත් සහ මත්ස්‍ය වගාව ඇතුළුව වගා ව්‍යාපාර තුළින් උපයන ලාභ සහ ආදායම්, ආදායම් බදොන් නිදහස් වේ,

(ආ.) 2020 ජනවාරී 01දා සිට තොරතුරු තාක්ෂණ සැපයීම් හා සඵල සේ තුළින් උපයන ලාභය හා ආදායම්, ආදායම් බද්දෙන් නිදහස් වේ. සඵල සේවා මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් රෙගුලාසි මගින් නිශ්චිතව දක්වනු ඇත.


(ඇ.) 2020 ජනවාරි 01දා සිට බැංකු හරහා සිදුකරන ශ්‍රී ලංකාවෙන් පිටත පුද්ගලයන්ට ලබාදෙන සේවා මගින් උපයන ලාභය හා ආදායම, අදාළ සේවා සඳහා සිදුකරන ගෙවීම් සිදුකරන්නේ විදේශ මුදල් මහින් නම් ආදායම් බද්දෙන් නිදහස් වේ.

(ඈ.) 2020 අප්‍රේල් 01දා සිට අනේවාසික සහ නේවාසික ගිණුම් සඳහා ලැබෙන පොලී ආදායම, ආදායම් බද්දෙන් නිදහස් වේ.

(ඉ.) 2018 අප්‍රේල් සිට ශ්‍රී ලංකාවෙන් පිටත පුද්ගලයෙකුගෙන් ලබාගෙන ඇති ණය මත සිදුකරන පොලී ගෙවීම් ආදායම් බදන් නිදහස් වේ.

(ඊ). 2018 අප්‍රේල් 01දා සිට විදේශීය හෝ දේශීය මුදල් ලෙස නම් කර ඇති ඕනෑම ස්වෛරීත්ව බැඳුම්කරයක් මත නිර්වාසික පුද්ගලයෙකු උපයන ආදායම් ආදායම් බද්දෙන් නිදහස් වේ.

(උ.) 2018 අප්‍රේල් 01දා සිට විදේශ ව්‍යවහාර මුදලින් නම් කර ඇති වර බැඳුම්කර මත ඕනෑම වාසික පුද්ගලයකු ලබන ශපාලී හෝ වටම්, ආදායම් බද්දෙන් නිදහස් වේ.

(උ.) 2018 අප්‍රේල් 01දා සිට රාජ්‍ය සංස්ථාවකට ලැබෙන ඒකාබද්ධ අරමුදලින් හෝ රජය විසින් සැලසුම් කරන ණය මුදලකින් පාර්ලිමේන්තුව විසින් වෙන්කරනු ලබන අරමුදල් ආදායම් බද්දන් නිදහස් වේ,

(ඌ) 2020 අප්‍රේල් 01දා සිට දේශීය සමාගමක් විසින් නිර්වාසික තැනැත්තෙකුට ගෙවනු ලබන ලාභාංශ ආදායම් බඳෙන් නිදහස් වේ.

(ඒ.) 2020 අප්‍රේල් 01දා සිට රසායනාගාර සේවා හෝ තත්ව සහතික ලබාදීමේ සේවා මගින් නිවාසක තැනැත්තෙකු විසින් උපයන මුදල, ආදායම් බන් නිදහස් වේ.

(ඕ.) 2020 අප්‍රේල් 01දා සිට ප්‍රදාන හෝ පරිත්‍යාග ලෙස යම් ආගමික ස්ථානයකට ලැබෙන මුදල්, ආදායම් බද්දෙන් නිදහස් වේ.

(Vi)සුදුසුකම් ලබන ගෙවීම්
(අ.) 2013 අප්‍රේල් 01දා සිට ඕනෑම රාජ්‍ය සංස්ථාවක් මගින් ඒකාබද්ධ අරමුදලට සිදුකරන ගෙවීම් එම සංස්ථාවේ ආදායම් බදු ගණනය කිරීමේදී අඩුකළ හැකිය.

(ආ.) 2020 අප්‍රේල් 01දා සිට මාසික රු.100,000ක උපරිමයකට හෝ වාර්ෂිකව රු.මිලියන 1.2ක උපරිමයකට යටත්ව පහත ගෙවීම් පුද්ගලික ආදායම් බදු ගණනය කිරීමේදී අඩුකළ හැකිය.
• වෛද්‍ය රක්ෂණ සඳහා දායකත්වයද ඇතුළත් සෞඛ්‍ය වියදම්
• දේශීයව සිදුකළ අධ්‍යාපන වියදම්
• නිවාස ණය මත පොලී ගෙවීම්
• අනුමත විශ්‍රාම යෝජනා ක්‍රමයකට සිදුකරන දායකත්වය
• ස්කන්ධ හෝ සුරැකුම් මිලදී ගැනීම සඳහා දරන වියදම්

(ix). ආදායම් බදු අනුපාත වෙනස් වීම්,
(අ.)2013 අප්‍රේල් 01දා සිට 40%ක ආදායම් බදු අනුපාතය ඕනෑම මත්පැන් හා දුම්කොළ නිෂ්පාදනය ආනයනය කර විකිණීම හෝ නිෂ්පාදනය කර විකිණීමට සීමා කෙරේ.

(ආ.) 2020 ජවාරි 01දා සිට පුද්ගල ආදායම මත අදාළ වන අනුක්‍රමික බදු අනුපාතය 6%,12% සහ 18%ක් දක්වාද, බදු නිදහස් සීමාව හා බදු ස්ථර වාර්ෂිකව රු. මිලියන 3ක් ලෙසද සංශෝධනය කරනු ලැබේ.

(ඈ.) 2020 අප්‍රේල් 01දා සිට සංස්ථාපිත ආදායම් බදු අනුපාතය පහත පරිදි සංශෝධනය කරනු ලැබේ.
• අපනයන, සංචාරක, අධ්‍යාපන, සෞඛ්‍ය සේ,  ඉදිකිරීම් හා කෘෂි සැකසුමි - 14%
• නිෂ්පාදන - 18%
• මත්පැන්, දුම්කොළ, ඔරිටු හා සූදු බදු - 28%
• වෙළෙඳ, බැංකු, මූල්‍ය රක්ෂණ අනෙකුත් -24%

ෂමිල පෙරේරා