https://www.gossiplankanews.com/2020/01/iraj-weeraratne-ne-post.html
සංගීතවේදී ඉරාජ් වීරරත්න මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශයේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත්කර තිබෙයි. විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලාංකික ශෘංගාරාත්මක වීඩියෝ කලාවක් යූ ටියුබ් ඔස්සේ හඳුන්වා දීමට හා එය ප්‍රචලිත කිරීමට
ඉරාජ් වීරරත්න පුරෝගාමී

මෙහෙවරක් ඉටු කළේය.ඒ් ඔස්සේ ඔහු තමන්ගේ යූටියුබ්  රසික පිරිස සංඛ්‍යාත්මකව වර්ධනය කරගත්තේය.
විවිධ විවේචන පැනනැගුණත් ඔහු මිලියන ගණනක් වෙත සිය පණිවිඩය ගෙනයාමේ සූක්ෂම හැකියාවකින් යුතු වූ අතර ක්‍රමානුකූලව ඔහුගේ පණිවිඩ ශෘංගාරයෙන් විතැන්වී දේශපාලනය වෙත යොමු විය.

ගෝඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂකයා දිනවීම වෙනුවෙන් පසුගිය ජනපතිවරණයට වසරක් පමණ තිබියදී සිට ඔහු අන්තර්ජාලය තුළ සක්‍රීය මෙහෙවරක් ඉටු කළේය.
පැවති යහපාලන රජයේ ක්‍රියාකාරකම් විවේචනය කිරීමට මෙන්ම විරුද්ධ වාදීන්ට මඩ ගැසීමට ඔහු සිය හැකියාවන් දක්ෂ ලෙස උපයෝගී කරගත්තේය.
වර්තමාන රජය බලයට පත්කරවීම සදහා විශේෂ පිටුබලයක් ලබාදීමට කෘතගුණ සැලකීමට ඔහුට මෙම අධ්‍යක්ෂකධූරය ලබාදී ඇති බවට වාර්තාවේ.
ඉරාජ් වීරරත්න කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර චිත්‍රපට නිෂ්පාදක ප්‍රීතිරාජ් වීරරත්නගේ පුත්‍රයෙකි.
ඔහු ඉදිරියේදී  සංචාරක ප්‍රවර්ධකයෙකු ලෙස මෙහෙවරක් ඉටු කරනු ඇතිය යන්න අපේක්ෂාවෙන් වසරක කාලයක් සඳහා මෙම පත්වීම සිදු කර ඇති බවට පත්වීමේ ලිපියේ දැක්වේ.