කොටවෙහෙර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියකගෙන් සහ ඇගේ සහෝදරියගෙන් පහර කෑමට ලක්වී රෝහල්ගතව සිටි දැරිය ඊයේ (13) නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇය ළමා නිවාසයක රඳවා තබන ලෙස එහි වැඩ බලන මහේස්ත්‍රාත් නදුන් ඉන්ද්‍රජිත් බණ්ඩාර මහතා නියෝග කළේය.

වෛද්‍ය මණ්ඩලයක්
විසින් ගත් තීන්දුවකට අනුව පරිවාස නිලධාරීන් විසින් අගතියට පත් බාල වයස් දැරිය අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

දහතුන් වියැති දැරිය ඇගේ සුළු මවගෙන් සහ ඇගේ නැගණිය වන ග්‍රාම නිලධාරිනියගෙන් අමානුෂික ලෙස පහර කෑමට ලක්වූ දින 10ක් පමණ රෝහල්ගතවී සිටි අතර කුරුණෑගල රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් යටතේ ඇයට ප්‍රතිකාර ලබාදීමෙන් පසුව වෛද්‍ය මණ්ඩලයේ තීන්දුකට අනුව දැරිය අධිකරණයට ඉදිරිපත් කෙරීණ.

දැරියට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනා සහ දැරියගේ පියා මේ මස 16 දින දක්වා නිකවැරටිය අධිකරණය මගින් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කොටවෙහෙර පොලිසිය විසින් නඩුව ගොනු කරන ලදි.

-ප්‍රියාණි මංගලිකා-