https://www.gossiplankanews.com/2020/01/idh-23-corona-sri-lanka.html#more
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන රෝගීන් 23 දෙනෙකු මේ වන විට IDH උණ රෝහලට ඇතුලත්ව සිටින බව වාර්තා වෙනවා. ලාංකික 13 ක් හා  චීන ජාතිකයන් 10 ‌දෙනකු අයි.ඩී.එච්. ‌රෝහලේ ප්‍රතිකාර ගන්නා බව වාර්තා ‌වේ. පසුගිය 24 වනදා සිට මේ දක්වා කාලය තුල මේ අය ඇතුළත්ව ඇත.
ඒ අනුව මෙම රෝගීන්ගේ 8දෙනෙකුගේ සාම්පල
පරීක්ෂා කිරීම සඳහා යොමු කර තිබෙන අතර එයින් වාර්තා තුනක් මේ වන විට ලැබී තිබෙන බවත් එම
වෛද්‍ය වාර්තා තුලින් තිදෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇති බවත් අනෙක් වාර්තා අද දිනය වන විට ලැබීමට නියමිත බව පැවසේ.


මාරාන්තික ‌කොරෝනා වයිරසය වැලදුණු චීන කතක ‌අයි.ඩී.එච්. ‌‌රෝහලට ඇතුළත් කිරීමත් සමග එහි ‌නේවාසිකව රැදී සිටි ‌සාමාන්‍ය ‌රෝගීන් ටිකට් කපාගෙන සිය නිවාසවලට ‌ගොස් ඇති බවද වාර්තා ‌විය.
එමෙන්ම බාහිර ‌රෝගී අංශ ‌වෙත දිනපතා පැමිණෙන ‌රෝගීන්ගේ විශාල අඩුවක් දැකගන්නට ඇති බවද ‌රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව ‌මේ වනවිට ‌රෝහලේ ‌බොහෝ වාට්ටු හිස්ව පවතින බව දැනගන්නට ඇති අතර විශේෂ ‌සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ‌රෝහල පුරා දියත් කිරීමට බලධාරීන් පියවර ‌ගෙන ඇති බවත් දැනගන්නට ඇත.

දැනට ‌‌‌කොරෝනා වයිරසය වැළදුණු කාන්තාවගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සදහා විදේශ රටක රසායනාගාරයක් ‌වෙත ‌යොමු කර ඇති බවද දැනගන්නට ඇත.

කොරෝනා රෝගීන් පිළබඳ කටකතා එන්න එන්නම වැඩිව ඇති අතර දිවයිනේ විවිධ රෝහල් වලට කොරෝනා ආසාදිත රෝගීන් ඇතුළත් කර ඇති බවට වාර්තා වන තොරතුරු බොහොමයක් අසත්‍ය බව රජය නිවේදනය කර තිබේ.
මෙම කටකතා ජනතාව අතර අනවශ්‍ය බියක් ඇතිවන ලෙස ප්‍රචාරය කර හරින බවට රජය නිරීක්ෂණය කරන බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. රජය විසින් නිකුත් කරන නිල ප්‍රකාශ කෙරෙහි පමණක් අවධානය යොමුකරන ලෙසද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.