https://www.gossiplankanews.com/2020/01/coronavirus-sri-lanka_26.html#more
චීනයේ වුහාන් ප‍්‍රාන්තයේ පැතිර යමින් තිබෙන කොරෝනා වෛරසය චීනය හැර ලෝකයේ රටවල් 14 කට මේ වනවිට පැතිර ගොස් ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.මාරාන්තික වෛරසය පැතිරීම වේගවත් වන බව චීන ජනාධිපති ෂී ජින් පිං අනතුරු අගවා තිබේ. අද ජනවාරි 26 වනවිට ‌වෛරසය හේතුවෙන් 56 ක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර ආසාදිතයන් 2009 දක්වා
ඉහළ ගොස් තිබෙයි.

පෙරේදා (24) හා ඊයේ (25) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පිට කොළඹ  IDH හි පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනය වෙත රෝගීන් දෙදෙනෙකු ඇතුළත් කර තිබූ නමුත් ඇතුළත් කෙරුණු එක් රෝගියෙකුට එම වෛරසය ආසාදනය වී නොමැති බව  තහවුරුවීමෙන් පසු රෝහලෙන් පිටත්ව ගිය බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා දන්වා ඇත. අනෙක් රෝගියා ගැන තවම නිගමනයක් කර නැත. චීන ජාතික කාන්තාවක් සහ වුහාන් හි අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවියක වයිරස් ආසාදනය පිළිබඳ සැකය මත මෙසේ ඇතුළත් කර තිබුණි.


වෛරසය නිසා වාසයට නුසුදුසු මට්ටමට ගිය චීනයේ හුබෙයි පළාතේ ශ්‍රී ලාංකික සිසුන් 85 ක් පමණ සිටි අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වුහාන් නගරය වසා දැමීමට පෙර ශ්‍රී ලංකාවට ආපසු ගියහ. බීජිං හි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය ඇස්තමේන්තු කර දන්වා සිටියේ ජනවාරි 25 වන විට ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකු හුබෙයි පළාතේ සිටි බවයි.  එම ශ්‍රී ලාංකික සිසුන් වහාම මෙරටට ගෙන්වා ගැනීමට රජයේ වියදමින් විධි විධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සබඳතා අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙයි.
චීනයේ වුහාන් ප්‍රාන්තයට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සෘජු ගුවන් ගමන් නොමැති නිසා මෙම සිසුන් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් එහි යැවීමට සිදුවනු ඇති බව කියැවේ.

බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වුහාන් ප්‍රාන්තයේ සිටින සිය රටවැසියන් පිලිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බවත් නිවේදනයක් නිකුත් කර තිබුණි.
චීනයේ වුහාන් ප‍්‍රාන්තය තුළ පෞද්ගලික රථ වාහන ධාවනය  තහනම් කර තිබෙනවා. මීට පෙර එහි පොදු ප‍්‍රවාහන සේවා පමණක්  තහනම් කර තිබුණ අතර දැන් නගරයම පාළු ස්වරූපයකට පත්ව ඇති බව වාර්තාවේ.
මේ ආකාරයට  චිනයේ නගර 18 ක් පමණ සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා. ඒවා තුළ සිරවී සිටින පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 56 ක් පමණ වන බවද වාර්තාවේ. වුහාන් සහ හුබේ නගරවල සිරවී සිටින ඇමරිකානු වැසියන් මුදාගැනීමට අමෙරිකාව හා බ්‍රිතාන්‍ය මේ වනවිට පියවරගනිමින් සිටී.

උණ, කැස්ස, සෙම්ප‍්‍රතිෂ්‍යාව, හුස්ම ගැනිමේ අපහසුතාව, දියර ලෙස මලපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ වලින් කොරෝනා හදුනාගත හැකි නමුත් මේ ආකාර රෝග ලක්ෂණ වෙනත් රෝග වලටද සුලබ නිසා නිසි පරීක්ෂාවකින් තොරව වැළඳ ඇති රෝගය හදුනාගැනීම දුෂ්කර බව පැවසේ. වෛරසය ආසාදනය වුවහොත් නිව්මෝනියාව සහ වකුගඩු අක්‍රියතාව ඇතුලූ දරුණු තත්වයන් ඇති විය හැකි බවත් එයින් මරණය සිදුවන්නට ප්‍රවණතාවක් පවතින බවත් පැවසේ.


අත් සේදීමේදී සබන් හෝ විෂබීජ නාශක ද්‍රව්‍ය භාවිත කිරීම, කැස්ස සහ කිවිසුම් යාමේදී ලේන්සුවක් හෝ ටිෂූ භාවිත කිරීම මෙන්ම භාවිත කළ ටිෂූ නිසි ලෙස කසල බදුන් වෙත බැහැර කිරීම මෙම අවදානම වළක්වා ගැනීමට ගත හැකි පියවර ලෙස සෞඛ්‍ය අංශ දන්වා තිබේ.

එමෙන්ම ආහාර ගැනීමේදී හැකිතරම් පිටතින් ආහාර නොගෙන තමන් පිලියෙල කර ගන්නා ආහාර ගන්නා ලෙසත්  මාංශ සහ බිත්තර හොදින් පිස ගැනීමෙන් පසු ආහාරයට ගන්නා ලෙසත් දන්වා තිබේ.අද ජනවාරි 26 වනවිට ලෝකයේ කොරෝනා ආසාදිතයින් හා වාර්තාවූ මරණ සංඛ්‍යාලේඛනය පහතින්

 


වෛරසය වැළඳුන අය චීනයේ පාරවල් වල වැටී සිටින හැටි වීඩියෝව

චීන රෝහල්වල වෛරස් ආසාදිතයින් පිරී ඉතිරී සිටින හැටි