චීනයේ වුහාන් නුවර කොරෝනා වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් එරට බලධාරීන් දැක්වූ නොසැලකිල්ල හේතුවී ඇති බවට එරට තුළ කතාබහක් මතවු තිබේ.
වෛරසය පැතිරෙන බව දැනදැනත් මුල් අවස්ථාවේ එය පැතිරීම වැළැක්වීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය නායකයින්ට චෝදනා එල්ල වෙමින් තිබේ
මධ්‍යම චීන පළාතේ හුබෙයි හි මේ වන විට 56 දෙනෙකු මිය ගොස් ඇති අතර රට තුළ 1,900 කට වැඩි පිරිසක් ආසාදනය වී තිබේ.

තත්වයට වගකිවයුතු අය අතර වුහාන් හි වෛද්‍යවරු ද සිටින අතර, පළාතේ නිල කොමියුනිස්ට් පක්ෂ පුවත්පතක් වන හුබේ ඩේලි හි ජ්‍යෙෂ්ඨ කර්තෘ ෂැං ඕයා මේ ගැන කරන චෝදනාව ඇතුළත් වීඩියෝව එරට සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති කර තිබේ.
“මම විශ්වාස කළේ නායකයින් තත්වය අයහපත්වෙද්දී මීට වඩා පියවර ගනු ඇති බවයි. එක එක්කෙනාට බෝලය පාස් කරමින් වගකීම් එකිනෙකාට තල්ලු කිරීම මේ වෙලාවට ගැලපෙන දෙයක් නෙමේ. දැනට සිටින අය නායකත්වයට හැකියාවක් නැහැ. ඉස්සරහට කරදර වෙන්න කලින් මේ අය වෙනස් කරන්න කරුණාකර නායකත්වය වහාම වෙනස් කරන්න,' ඔහු ඉල්ලා තිබේ.

මේ අතර චීනයේ ඉහළම සෞඛ්‍ය අධිකාරියට පැමිණිල්ලක් කරන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව, වුහාන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ගේ මන්දගාමී හැසිරීම කොරෝනා වෛරසය පැතිරයාමට හේතුවූ බවට චෝදනා නගා තිබේ.
ජනවාරි 12 වනදා සිට රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින නමුත් නව අවස්ථා යාවත් කාල කරමින් වාර්තා කිරීමට ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරිය අපොහොසත් වී ඇති බව එම චෝදනාවේ දැක්වේ.
“මෙම රෝගීන්ට නිසි නිරෝධායන හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදුන් අතර ඔවුන් ආරක්ෂිතව තබාගැනීම ගැනද වග බලා නැත.ඔවුන්ට නගරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ගමන් කළ හැකිය එසේ තිබියදී  අන් අයට
මුහුණු ආවරණ පැළඳගෙන ජනාකීර්ණ ප්‍රදේශවලින් වළකින්නැයි මහජනතාවට අනතුරු ඇඟවීම නොගැළපේ.
මුලදි ඒ ගැන බැරෑරුම් ලෙස නොසලකා පණිවිඩ යොමුකිරීමත් මෙය පැතිරයාමට ඉවහල් විය.
ශල්‍ය වෛද්‍යවරුන් ඇතුළු සමහර වෛද්‍ය කාර්ය මණ්ඩලය පවා මෙම රෝගය ව්‍යසනයක් වනු ඇතැයි මුලදී විශ්වාස නොකළ අතර ඒ නිසාම ඔවුන්ද එම රෝගයට ගොදුරුවිය.” එම සටහනේ වැඩිදුරටත් දැක්විණි.