https://www.gossiplankanews.com/2020/01/baby-death-7-months.html
තුන්හැවිරිදි  පිරිදි වැඩිමහල් සොහොයුරා විසින් සෙල්ලමට මුහුණට වැලි දැමීම නිසා රෝගාතුර වූ මාස හතත බිළිඳුතු ඊයේ (22) පස්වරුවේ රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇතැයි පනාමුර පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පනාමුර, මහයාය ප්‍රදේශයේ පදිංචි ලක්ෂිත දෙනෙත් ඉඳුවර නමැති සිඟිත්තෙකි.

සිද්ධිය වූ දින මව තම සිගිති පුතු ඇඳෙහි නිදි කරවා පිටතට ගොස් ඇති අතර ඒ අස්ථාවේදී කාමරයට ඇතුළු වී සිඟිත්තාගේ සොහොයුරා සිඟිත්තාගේ නහය හා මුඛය ප්‍රදේශයට

සියුම් වැලි දමා ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

"අම්මේ මම මල්ලිට වැලි කැව්වා' යැයි වැලි දැමීමෙන් අනතුරුව තුන් හැවිරිදි පුතු සිය මව් පසා ඇති අතර අනතුරුව මව් දරුවාගේ මුහුණට දමා තිබූ වැලි ඉවත්කර දරුවා රැගෙන මහ පාරට දිවගොස් පිලාප නගා ඇත.

මවගේ විලාපය ඇසුණු අසල්වැසියන් එම ස්ථානයට පැමිණ දරුවාත් මවත් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගොස් ඇති බත් රෝහලට ඇතුළත් කර සිටි දරුවා පසුව මියගොස් ඇති බවත් පොලිසිය කියයි.

ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ උප පොලිස් පරීක්ෂක ඩබ්.ටී.එම්.සී.කේ. බ ණ්ඩාර, පොලිස් සැරයන් (32643) ඥානතිලක යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වූ නිවසට ගොස් පරීක්ෂණ කටයුතු සිදුකර ඇත.

ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් නිරෝෂන් ගමගේ මහතා පනාමුර මහයාය නිවසට ගොස් සිඟිත්තාගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පත්වා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ විශේෂඥවරයකු ලවා පශ්වාත් මරණ පරීක්ෂණයක් පවා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පනාමුර පොලිසියේ නිලධාරීන්ට නියෝග කළේය.

පනාමුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වයි.එච්.එස්.එන්. ප්‍රේතිලක මහතාගේ උපදෙස් මත එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂුනේ එරන්ද ප්‍රියලාල්, පොලිස් සැරයන්වරුන් වන (38367) පුෂ්පකුමාර. (34519) අමරසිරි. පොලිස් කොස්තාපල් (46123) අජික් යන මහත්වරු ද වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

පල්ලෙබැද්ද රෝහණ සමරවීර