මාගේ දුරකථන සංවාද ඇතුළත් සංයුක්ත තැටි එක්තරා බැංකුවක තැන්පත් කර තිබෙන බවත් ඒවා රැගෙන ඒම සඳහා අධිකරණයන් දින දෙකක කාලයකට ඇප ලබාදන ලෙසත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
බැංකුවේ තැන්පත් කර තිබෙන හඬපටවලින් කොටසක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
රන්ජන්ගේ හඩ පට සභාගත කර නැති බවට ඊයේ මහින්දානන්ද ඇමතිවරයා චෝදනා කළද
මේ වනවිටත් ඒවා 15000 ක්
පාර්ලිමේන්තු පුස්තකාලයට යවා ඇතැයි වාර්තාවිය.

පෙරේදා (21) රන්ජන් රාමනායක මහතා පැවසූ පරිදි එම හඩපට සභාගත කර ඇතිදැයි රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවෙන් විමසුවේ පැවති සැකය නිසාය.
කාංචන විජේසේක්කර රාජ්‍ය අමාත්‍යවරයා,
 "රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කියූ පරිදි හඩපට සභාගත කර තිබේනවාද? බැඳුම්කර වංචාව ගැන අපි ගාව තිබුණු තොරතුරු අපි සභාගත කළා. මෙතුමා සභාගත කරපුවා තිබෙනවා නම් අපටත්එ ඒවා දෙන්න පරීශීලනය කරන්න. නැත්නම් රටට වැරදි පණිවුඩයක් යයි, බැඳුම්කර වංචාව ගැන අහන්න මට ඒක දුරකථන ඇමතුමක් දීලා තියෙනවා. ඒකත් පුළුවන් නම් ප්‍රසිද්ධ කරන්න.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා - මගේ සංයුක්ත තැටි එක්තරා බැංකුවක ලොකර් එකක තිබෙනවා. ආණ්ඩුව හංගපු තැටි කිහිපයක් අද භාරදෙනවා. ඒවා කොටසක් දැන් තැටිගත කරමින් පවතිනවා. එක්ලක්ෂි විසිදාහක හඩපට තැන් තැන්වල තිබෙනවා. අධිකරණ නියෝගයක් අනුව මම දැන් බන්ධනාගාරයේ ඉන්නේ. මම එළියේ හිටියා නම් මේ දේවල් ඔප්පු කරනචා.

කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා - විශේෂ පහසුකමක්, අවසරයක් දෙන්න. මෙතුමාට බැංකුවට ගිහින් ඒ ටික ගන්න. ඒක වැදගත් වේවි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා - මට අධිකරණය මගින් දවස් 02ක් ඇප අරන් දෙන්න. මේ සියල්ල කරලා දෙන්නම්.
මේ අතර, දුරකථන සංවාද පහළොස්දහසක් ඇතුළත් සංයුක්ත තැටි පහක් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් ඊයේ (22දා) සවස පාර්ලිමේත්තුවේ ලේකම්වරයාට භාරදී ඇත. එසේ භාරදුන් සංයුක්ත තැටි අද (23දා) උදෑසන හැන්සාඩ් දෙපාර්තමේන්තුව හරහා පාර්ලිමේන්තු පුස්තකාලයට භාරදීමට නියමිතය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පෙරේදා (21දා) පොරොන්දු වූ පරිදි ඊයේ (22දා) සවස මෙම හඩපට සභාගත කළේ යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.