ණය පදනම මත ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකින් රුපියල් කෝටි. 15,400කට අධික මුදලක් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයවිය යුතුව තිබෙන බව වාර්තා වේ.මෙම රාජ්‍ය ආයතනවලින් 2018 මාර්තු සිට සංස්ථාවට අයවිය යුතු රුපියල්
කෝටි 15,400ට වැඩි
මුදලින් වැඩිම මුදල වන රුපියල් කෝටි 8,600කට වැඩි මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයෙන් අයවිය යුතුව ඇතැයි මේ සම්බන්ධව කළ විමසිමකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) වරුණ වීරසුරිය මහතා පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේන් රුපියල් කොටි 4800කට වැඩි ණය මුදලක් අයවිය යුතුව ඇතැයි පැවසූ ඔහු විදුලිබල ක්ෂේත්‍රයේ සෙසු ආයතනවලින්ද රුපියල් කෝටි 1500ක පමණ මුදලක් අයවිය යුතුව ඇතැයිද කීය. ආරක්ෂක අංශවලින්ද රුපියල් කෝටි 100කට වැඩි මුදලක් අයවිය යුතුව ඇතැයි කී නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (මුදල්) වරුණ මහතා ණයට තෙල් ලබාගැනීම් වෙනුවෙන් දුම්රිය දෙපාර්තමෙන්තුව ශ්‍රී ලංකා ගමනාගෙන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කීපයකින් රුපියල් කෝටි 1000ක් පමණ අයවිය යුතුව ඇතැයි ද පැවසීය.

ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් අයවිය යුතුව තිබෙන මෙම රුපියල් කෝටි 15,400ට වැඩි මුදල වහා ගෙවන ලෙස අවස්ථා ගණනාවක දී එම රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇතැයි පැවසු ඔහු මෙම හිඟ මුදල සම්බන්ධව කැබිනට් මණ්ඩලය දැනුම්වත් කළේ යැයි පැවසිය.

-මහින්ද නිශ්ශංක-