https://www.gossiplankanews.com/2020/01/15-yr-jailed-saruwa-sunil.html
බාලවයස්කාර දැරියක් දූෂණය කිරිමේ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවගේ සුනිල්ට (සාරුවා සුනිල්) බරපතල වැඩ සහිත අවුරුදු 15ක සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද කටයුතු කළේය.
ඊට අමතරව දැරියට ලක්ෂ දෙක හමාරක වන්දියක්ද
තවත් රුපියල් 25000ක දඬයක්ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
දේශපාලනයට මුවාවී ඔහු බොහෝ ස්ත්‍රී දූෂණ වලින් බේරී සිටි බවට පසුගිය කාලයේ කථාබහ පැවතිණි. කන්‍යාවියන් 100 ක් දූෂණය කර ඒ වෙනුවෙන් සාදයක් පැවැත්වූ අයෙකු ලෙසද ඔහු කුප්‍රසිද්ධව සිටියේය.
අකුරැස්ස ප‍්‍රාදේශිය

සභාවේ හිටපු සභාපති සාරුවා සුනිල්  බාලවයස්කාර දැරියක රවටාගෙන හෝටලයකට ගෙන ගොස් දුෂණයට ලක් කළැයි චෝදනාවලට ලක්වූයේ මීට වසර 8 කට පෙර දීය.
2012 මැයි මස 23 වැනිදාත් 2012 ජුලි මස 02වැනිදාත් අතර කාලයේ අකුරැස්සේදී බාලවයස්කාර දැරියක රවටාගෙන ගොස් ඇයට අතවර කරන ලදැයි ඔහුට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවට සාරුවා සුනිල් පත්ව තිබුනේ ප්‍රාදේශීය සභා ජන්දයේදී 80%ක ජනවරමක් ඇතිවය. ඔහුගේ පක්ෂයට ලැබුණූ ඡන්ද සංඛ්‍යාව දහනම දහසක්වෙද්දී ඔහුට ඉන් පහලොස් දහසක් මනාප ලබාදී තිබිණි.
 සාරුව සුනිල්ගේ බිරිඳ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මෛත්‍රී පාර්ශවයේ අපේක්ෂිකාවකවී සිටියාය.
තමා කන්‍යාවන් සියයක් දූෂණය කර ඇතැයි පෞද්ගලික රූපවාහිනි නාළිකාවක සජීවී වැඩසටහනකදී අසත්‍ය ප්‍රකාශයක් කළැයි කියමින්  සාරුවා සුනිල්  2015දී රන්ජන් රාමනායකගෙන් කෝටි 50ක් ඉල්ලා නඩුවක්ද පවරා තිබුණි.