https://www.gossiplankanews.com/2019/12/temple-payagala-death-incident.html
විහාරස්ථානයක අයිතිය සම්බන්ධයෙන් හිමිවරුන් දෙනමක අතර පැන නැගුණු ගැටලුවක් විසඳා ගැනීම සඳහා වාද්දුව සමුද්‍රාරාම පිහාරස්ථානයේදී වැඩ වසන අධිකරණ සංඝනායක හිමියන් හමුවට ගොස් සිටියදි සිදුවූ බව කියන පහරදිමකින්
එක් හිමි නමක් අපවත්වී තිබේ. මෙම සිද්ධියට අදාළව අධිකරණය හමුවට පමුණුවන ලැබූ අනෙක් හිමිනම ලබන 27 වැනිදා දින දක්වා රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා නියම කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරයට  නියම වුයේ පයාගල ගෝමරකන්ද, සමනක්කන්ද විහාරාධිපති වත්තල අමරවංශ හිමියන්ය.


2017 අගෝස්තු මස 15 වැනි දින සිදුවූ මෙම සිද්ධියෙන් සිහිසුන්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දොඩම්ගොඩ, හල්කඳවිල, මිල්ලගස්උඩුමුල්ල ශ්‍රී ධර්මපාල යෝගාශ්‍රමය සහ දඩගහහේන ශ්‍රී රාහුල සංඝරාජ යෝග ශ්‍රමය සහ උභය මහා විහාරාධිපති විශ්‍රාමික පරිවේනාධිපති පණ්ඩිත ප්‍රභාස්ගොඩ විජිතානන්ද නායක හිමියන් ඉකුත් සතියේ අපවත් වී තිබුණි. මීට පෙර පහරදි තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකාර හිමියන් ඇප මත මුදා හැර තිබූ අතර තුවාල ලැබූ හිමි නම අපවත්වූ පසු සැකකාර හිමි නමට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

ඒ අනුව සැකකාර හිමි නම නීතිඥ එම්.ජී. විජේපාල මහතා මඟින් පෙරේදා(16) වාද්දුව පොලිසියට ඉදිරිපත් වි තිබුණි. ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකාර හිමි නම ලබන 27 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගරගත කරන ලෙය පානදුර වැඩබලන මහේස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා නියම කළේය.

-සුනිල් එස්.තන්ත්‍රිආරච්චි-