හදිසි නීතිය පනවා, ව්‍යවස්ථාව අත්හිටුවමින් දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ ගැනීමේ චෝදනාවට වරදකරු වූ පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම හිටපු හමුදා නායකයකුද වූ පර්වේස් මුෂාරෆ්ට පාකිස්තාන අධිකරණයකින් ඊයේ (IS) මරණ දඬුවම නියම කෙරිණි. - මුෂාරෆ්ට එරෙහි නඩු විභාගය පැවැත්වුණේ
දේශද්‍රෝහී ක්‍රියා සම්බන්ධයෙන් තීන්දු ලබා දෙන ඉස්ලාමාබාද් නුවර විශේෂ අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේය. මුෂාරෆ්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ 2013 වසරේ සිටය. හමුදාපති ලෙස ජනරාල් මුෂාරෆ්, හමුදා කුමන්ත්‍රණයකින් පාකිස්තානයේ බලය අල්ලා ගත්තේ 1999දීය. ඒ කිසිදු ලේ වැගිරීමකින් තොරවිය. අබුද රැසක් හේතුවෙන් අස්ථාචර වූ පාකිස්තානයට ශක්තිමත් නායකත්වයක් දීමට ජනරාල් මුෂාරෆ්ට හැකිවිණි.

2001 සිට 2008 දක්වා පාකිස්ථාන ජනාධිපති ලෙස කටයුතු කළ මුෂාරෆ් 2007 වසරේදී
වාචස්ථාව අස්හිටුවා හදිසි නීතිය ක්‍රියාත්මක කළේ දිගටම ජනපති ධුරයේ රැදී සිටීමට උත්සාහ ගනිමිනි. ඒ අවිස්ථාවේදි ඔහුට එරෙහිව ජනතා විරෝධීයක් නැගුණි. 2008දී ජනපති මුළාරන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් උත්සාහ දැරු අතර ඊට කලින් ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත්වී විදේශගත විය.  ඊයේ (18) නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අචස්ථාවේදී පර්වේස් මුෂාරෆ් අධිකරණයේ පෙනී සිටියේ නැත. 76 හැවිරිදි මුෂාරෆ් අයහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන අතර ඔහු 2016 වසරේ සිට ජීවත් වන්නේ ඩුබායි නගරයේය. මුෂාරෆ් ඩුබායි බලා ගියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණයෙන් විශේෂ අවසරයක් ලබා ගනිමිනි. නවාස් ෂරීෆ් 2013 පැවැති මැතිවරණය ජය ගනිමින් යළි  අගමැති ධුරයට පත් විය.

වත්මන් අගමැති ඉම්රාන් ඛාන් බලයට පත් වුයේ පසුගිය 2018 වසරේ පැවැති මහ මැතිවරණයෙන් අගමැති නවාස් ෂරීෆ් ප්‍රමුඛ 'මුස්ලිම් ලීගය එන්’ දේශපාලන පක්ෂය පරාජය කරමිනි. නවාස් ෂරිෆ්ට ද මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇත. එම චෝදනාවලට වරදකරු වු ඔහුට දස වසරක සිරදඬුවමක් නියම විය. කෙසේ වෙතත් අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබාගැනීමට ඉඩදමින් ඔහුට අධිකරණයෙන් ඇප ලැබිණි.