https://www.gossiplankanews.com/2019/12/science-university-faculty.html
ම රජය යටතේ උසස් පෙළ සමතුන් සියල්ලටම විශ්ව විද්‍යාල වරම දෙන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණ සමයේ ලබාදුන් පොරොන්දුව ඉටු කිරීමේ අටියෙන් මේ දක්වා ගුරු වෘත්තියට ඇතුළත් වීමේදී ගුරුවරුන් පුහුණු කිරීමේ නේවාසික පුහුණුව ලබාදෙන  රජයේ ආයතන ව්‍යුහයක් ලෙස පැවති විද්‍යා පීඨ සියල්ල ඉදිරියේදී විශ්ව විද්‍යාල ලෙස උසස් කිරීමට
අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද (5) උදෑසන පැවති මාධ්‍ය

හමුවේදී හෙළි කළේය.
මේ දක්වා උසස් පෙළ සමතුන් කොටසක් විශ්ව විද්‍යලයට යද්දී තවත් කොටසක් ඉසෙඩ් අගය අනුව විද්‍යා පීඨ වලට තෝරාගත් අතර ගුරු වෘත්තියට පිවිසීමේ ඩිප්ලෝමාවක් එහිදී හදාරන්නට ලැබිණි. සාමාන්‍යයෙන් පාසල්වල උසස් පෙළට පහළින් ඇති ශ්‍රේණි සදහා විෂයන් ඉගැන්වීම සඳහා මෙම විද්‍යා පීඨ ගුරුවරුන් යොදා ගැනිණි. උසස් පෙළ පන්තිවලට ඉගැන්වීමට යෙදාගනු ලැබූයේ උපාධිය සහිත ගුරුවරුන්ය.
නව යෝජනාව අනු විද්‍යා පීඨ විශ්ව විද්‍යාල බවට පරිවර්තනය කිරීමත් සමග මේ දක්වා පහළ මට්ටමේ වැටුප් ලැබූ විද්‍යා පීඨ ගුරුවරුන් වෙනුවට විශ්ව විද්‍යාල මට්ටමේ උපාධි පශ්චාත් උපාධි හිමි කථිකාචාර්යවරුන්ගේ සේවය විද්‍යා පීඨ වලට ලබාගත හැකි බවත් උපාධිය සමත් විශාල පිරිසකට ගුරුවරුන් ලෙස සේවාව ලබාදීමට අවස්තාව උදාවනු ඇති බවත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා හෙළි කළේය.

කෙසේ වෙතත් මෙම විද්‍යා පීඨ විශ්ව විද්‍යාල බවට හැරවූ පසු අධ්‍යාපනය ලබාදීම තවදුරටත් නේවාසිකව සිදු කරන්නේද යන්න ගැන ඇමතිවරයා පැහැදිලි කළේ නැත.
උසස් පෙළ සමත්වන සියලු දෙනාටම උපාධි ලබාදීමේ වැඩසටහන යටතේ විශ්ව විද්‍යාල වලට නොතේරෙන අය මෙන්ම විද්‍යා පීඨ වලටද නොතේරෙන අය දැනට සිටින අතර එම ගැටලුව විසදීමට විද්‍යා පීඨ වලට විශාල පිරිස් බදවා ගන්නේද යන්න ඉදිරියේදී පැහැදිලි කළයුතුව තිබේ.