https://www.gossiplankanews.com/2019/12/80-unfortunate-mother-story.html#more
ත්‍රිරෝද රථයකින් රැගෙන ඇවිත් ගවරගිරිය වතුකාරගම ප්‍රදේශයේ මහ මග දමා ගොස් සිටි අවුරුදු 80ක් පමණ වයසැති මහලු කාන්තාවක් අයගම පොලිසිය විසින් පසුගිය තුන්වැනිදා අලුයම සොයාගන්නා ලදී. වතුකාරගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් දුරකතන ඇමතුමක් මගින්
කරන ලද දැනුම්දීමක් අනුව සොයාගත් මෙම කාන්තාව දැඩි ලෙස ගිලන්ව සිටි නිසා ඇය අයගම රෝහලට ඇතුළත් කොට තිබේ. වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම කාන්තාව දරුවන් දෙදෙනකුගේ මවක් බවත් ඇගේ පුතා සහ ලේලිය විසින් ගමනක් යන බව කියා ත්‍රිරෝද රථයක නංවාගෙනවිත් ඇය මෙසේ

මහ මග දමාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

හරිහැටි කතා කරන්නවත් නොහැකි තත්වයේ පසු වූ මෙම මහලු මව අයගම රෝහලේදී මෙසේ පැවැසුවාය. "මගේ ගම වලස්මුල්ලේ. නම මන්ත්‍රීලාගේ සෝමාවතී. මට දරුවන් දෙදෙනකු ඉන්නවා. ඒ පුතෙක් හා දුවක්. ඔවුන් කසාද බැදල. දරුවොත් ඉන්නවා. මං හිටියෙ පුතා ළග. පුතාගෙ පවුල (ලේලි) හරි සැරයි. මට නිතරම කරදර කරනවා. පුතාට කිව්වාට ඔහු ඒවා ගණන් ගන්නේ නෑ. මම වැඩිහිටි නිවාසයක අවුරුදු හතරක් හිටියා.පුතා ඒකෙන් අස්කරගෙන ගෙදර එක්කරගෙන ආවා.

ලේල්ි කරන කරදර නිසා මා පසුවුයේ හරිම කනගාටුවෙන්. ගමනක් යන්න එන්නැයි කියා පුතා හා ලේලි ත්‍රීවිල් රථයකින් මා එක්කරගෙන ඇවිත් ඒ අතරමග දමා යන්න ගියා. පුතා මෙහෙම දෙයක් කරයි කියල මම හීනෙකින්වත් හිතුවේ නෑ." යැයි ඇය හැඬු කඳුළින් යුතුව කීවාය.  මෙම සාපරාධී ක්‍රියාව සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට අයගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රෝහණ චමින්ද මහතා ප්‍රධාන නිලධාරීහු කණ්ඩායමක් විමර්ශන සිදු කරති.