https://www.gossiplankanews.com/2019/12/rajitha-white-van-press-cid.html#more
හිටපු සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ තවත් දෙදෙනකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ (02) කරුණු වාරිතා කර ඇත. මෙම තැනැත්තන්
අදාළ මාධ්‍ය සාකච්ඡාව පවත්වමින් මිනීමැරීම, පැහැරගෙනයාම, වදහිංසා පැමිණවීම, අතුරුදන් කිරීම, අයුතු සිරකර තැබිම, සොරකම් කිරීම, තොරතුරු ඕනෑකමින් දැනුම් නොදීම, සැකකරුවන්ට නවාතැන්දීම, ආදි වශයෙන් කරන ලද අනාවරණයන් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 3 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා විසින් අධිකරණය වෙත කරුණු වාර්තතා ඇත.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තතන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ කුමාරගේ මාවත,

බත්තරමුල්ල පදිංචි සිංහලයේ සංවිධානයේ ජාතික සංවිධායක ගංගොඩවිල කුමුදු ප්‍රදීප් සංජීව පෙරේරා මහතා විසින් ඉකුත් නොවැම්බර් මස 26 වැනිදාය.  මෙම සිද්ධියට අදාළ විමර්ශනයක් සිදුකරන
ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් ඉකුත් නොවැම්බර් මස 10 වැනිදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙතද ගම්පහ පදිංචි නීතිඥ කලුදේවගේ ජනජිත් ද සිල්වා මහතා විසින් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත ද පැමිණිලි කර ඇති බැවින් මේ සියලු පැමිණිලි සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බවද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූවේ අධිකරණයට දැනුම් දී ඇත.

ඉකුත් නොවැම්බර් මස 10 වැනිදා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු, අතුල සංජීව මදනායක යන අය විසින් මෙම මාධ්‍ය සාකච්ඡා පවත්වනු ලැබූ බවත්, එහිදි ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු යන අය මෙසේ ප්‍රකාශ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. “උස්සන්නේ වෙන කට්ටියක්, මරන්නේ තව කට්ටියක්, ගෙනල්ලා දාන්නේ තව කට්ටියක්. ඊළඟට උස්සලා ගේන්න කියනවා කිඹුල්ලු සිය ගානක් ඉන්න වැවකට. වැවට දාපු ගමන්

උන් අරන් ගිහිල්ලා හංගලා පස්සේ කනවා. කැනීමක් කළොත් වැවේ ඇටකටු සිය ගානක් හම්බ වෙන්න පුළුවන්. මිනී ඔලු සමග ඒවා කන්නේ නැහැනේ. මස් ටික විතරයි නේ කන්නේ."

එසේම, "මාව සුදු වෑන් එකකින් පැහැරගෙන ගියා. ඒකට හේතුව මම දන්නවා. මාතලේ ස්ටේෂන් එකේදි මාව පාන්දර තුනට තමයි අරන් ගියේ. මාව අටදෙනෙක් විතර තමයි එක්කගෙන ගියේ. යාපනේ ඉඳලා ගෑස් පහ හන්දියට මම තනියම ආවා. මම රත්‍රන් ගේනාවා. ඒක වරදක් තමයි. මම රත්‍රන් බෑග් එකක් අරගෙන ආවා." අතුල සංජීව මදනායක යන අය විසින් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අදාළ මාධ්‍ය සාකච්ඡාව් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේදී මෙම වැරැදි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113 (ආ), 199, 209, 296, 314, 315, 331 වගන්ති ප්‍රකාරව සහ 1981  අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ පනතේ 83 (1) වගන්ති ප්‍රකාරව සිදුකරන ලද වැරැදි බවට අනාවරණය වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව, අදාළ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රචාරය වූ විද්‍යුත් මාධ්‍ය ආයතනය වෙතින් එම  ප්‍රවෘත්තියේ සංස්කරණය කළ සහ නොකළ දර්ශන තම දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසට අදාළ මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති කළමනාකරුවන් වෙත නියෝගයක්  නිකුත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇත. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 129 වින වගන්තිය ප්‍රකාර අදාළ මාධ්‍ය ආයතන වෙත නියෝගයක් නිකුත් කළ අධිකරණය විමර්ශන සිදුකර වාර්තා කරන තෙක් නඩුවේ බහා තබන ලදි.

-නිමන්ති රණසිංහ-