බදු සහන ලබා දී ජනතාවගේ ජීවන බර සැහැල්ලු කළා සේම කඩා වැටී තියබත මෙරට ආර්ථිකය ඉතාමත් ඉක්මනින් ප්‍රකෘති තත්වයට පත්කරන බව සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කොළඹදී ඊයේ (2) පැවැසිය.

පසුගිය යහපාලන සමයේදි මුදල් ආයතන කඩා වැටීම හරහා මුදල් අහිමි වූ ගණුදෙනුකරුවන්ට උපරිම සහන සැලසීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

ඔහු මෙසේ පැවැසුවේ කොළඹ පිහිටි මුදල් අමංත්‍යගයේදී සංවර්ධන බැංකු හා ණය හා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුබ මොහොතින් සිය රාජකාරි කටයුතු ආරම්භ කිරිමෙන් පසු පැවැති උත්සවය අමතමිනි.

ශෙහාන් සේමසිංහ මහතා මෙසේ ද පැවසීය.‍
"පසුගිය රජය අසාර්ථක වුණේ ආණ්ඩුවේ අරන් රට හදන්න වැඩපිළිවෙළක් ඔවුන් සතුව නොමැති වීම නිසයි. ඔවුන් මැති ඇමැතිවරුන්ගේ හිතවතුන්ට
අවශ්‍යය ලෙස බදු ප්‍රතිපත් සංශෝධනය කළා මිස ජනතා සුබ සාධනය ගැන සිතුවේ නැහැ.

බදු අඩු කළ විට රබර් ආදයම අඩු වෙනා එම අහිමි වන ආදායම් පියවා ගැනීම සඳහා මැති ඇමැතිවරුන්ගේ අනවශ්‍ය වියදම් කපා හැර දැමීමට අපේ නව ආණ්ඩුව දැනටමත් ක්‍රියා කර තිබෙනවා. තරුණ මන්ත්‍රිවරුන්ට අමතර විගකීම් දීම මගින් ජනතාව බලාපොරොත්තු වන වෙනස ඇති කිරිමට ඡනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

ගෝඨාභය රාජපකෂ මහතාගේ 'සෞභාග්‍යයේ දැක්ම' මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවම අප රාජ්‍ය පාලනය ගෙන යනවා. සතුටුදායක ජයක් ලෙස ඉදිරියට යනවා විතරක් නොවෙයි අපි රටත් හදනවා.

යහපාලන ආණ්ඩුව රට හදනවාට වඩා කළේ ජනතා බදු මුදල් හොරකම් කරන එකයි. එම ආණ්ඩුවේ සිදුවූ දැවැන්ත වංචා දූෂණ නිසා ඉකුත් වසර හතර හමාරක කාලයේදී ඡනතාවට ලැබිය යුතුව තිබුණු ප්‍රතිලාභ රැසක් ලැබුණේ නැහැ. ඉකුත් 2015ට පෙර සියයට 6.8ක්ව පැවැති මෙරට අර්ථික වර්ධන වේගය යහපාලන ආණ්ඩුව සියයට 1.6කටත් වඩා අඩු අගයකට ඇද දැම්මා. එම නිසා අපේ රට විදේශ ආයෝඡිකයෝ ආවේ නැහැ.

දේශීය ව්‍යවසායකයන්
පවා ඉතා අසරණ වුණා. ගෝඨාභය රංජපක්ස මහතා කියු පරිදිම ගනුදෙනුකරුවන්ට ගෙන්වා ගැනීමට නොහැකිව තිබෙන ණය සහ ගොවි ණය කපා හැරිමට අප කටයුතු කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියලු ප්‍රතිපත්ති විසිර 5ක කාලයේදී ඉටුකොට මිළඟ ජනපතිවරණයට ඉදිරිපත් වීමේදී පොරොන්දු ඉටුකළ රඡයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වනවා.

අපි කිසිම ණය යෝජනා ක්‍රමයක් නවත්තලා නැහැ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් පසුගිය රඡයේ ප්‍රතිපත්ති නිසා පිඩාවට පත්ව සිටිනවා. අප එම පීඩනය නැති කරනවා.

රට තුළ මොන දේ කරන්නත් ජාතික ආරක්ෂාව තහවුරු විය යුතුයි. ජාතික ආරකෂාව නැතුව කිසිවක් කරන්න බැහැ. පසුඟිය යහපාලන රජය රලවේ ජාතික ආරකෂාව බින්දුවටම බැස්සුවා. ඔවුන් අඩ පණ කළ රටේ ජාතික ආරක්ෂාව
ගෝඨාභය රාජපක්‍ෂ ඡනාධිපතිතුමාගේ සහ මහින්ද රාඡපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් කෙටි කලක් තුළ පණ ගන්වනවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, තේ සිංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර, වරාය සාංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල, නීතිඥ ප්‍රේමනාත් සී.දොළවත්ත, ආචාරිය නාලක ගොඩහේවා. ගෙහාන් සේමසිංහ මහතාගේ බිරිඳ වන ඩී. එස්. සේමසිංහ සහ පියාණන් වන එච්.බි. සේමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

හසිත රංග ගුණතිලක