සුගිය දිනෙක ජනපති ගෝඨාභය රාජපක්ෂ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ එහි හාල් මිල ඉහළගොස් තිබීම ගැන විමසිල්ලක් කළේය. ඔහු සහල් අලෙවිසලක මුදලාලිගේ පුටුවේ වාඩිවී බලධාරීන්ට ඇමතුම් ලබාදෙමින්
මෙම විමර්ශනය කළේ සම්බා කිලෝව ලබාදෙන්නට උපරිම මිලක් නියම කර තිබියදී එය වැඩි මිලට විකිණීම අසාධාරණ වූ නිසාය.
වෙළෙද පොළ තුළ තොග සගවා කෘත්‍රීම

මිල ඉහළයාමක් ඇති කර තිබුනේ ගබඩා භාර තොග වෙළෙදුන් නිසා බව මේ ගැන පසුව කරුණු හෙළි විය.
කෙසේ වෙතත් පාරිභෝගික ඇමතිවරුන් වෙනම සිටියදී ජනපතිවරයාම මේ ආකාරයට ප්‍රශ්න වලට මැදිහත්වීම ඇතැමුන්ගේ පුදුමයට හේතු විය. නමුත් ජනපති එලෙස මැදිහත්වීම නිසා අදාළ ක්ෂෙත්‍රයට මෙන්ම වෙනත් ක්ෂෙත්‍රවලටද මේ ආකාරයට අසාධාරණයක් කිරීමට ඉඩකඩ අවුරුවාලීම ජනතාවට අස්වැසිල්ලක් විය.
ජනපති පැමිණීමෙන් පසු තොග වෙළෙදුන් සගවාගෙන සිටි සහල් තොග මුදාහැර තිබුණ අතර ඊයේ සවස වාර්තාවූයේ නාරාහේන්පිටට අලුත් සහල් තොග ගොඩ බෑ බවයි. ඒ අනුව අර්ථික මධ්‍යස්ථානයේ නියමිත උපරිම මිල අනුව සම්බා සහල් විකිණීම ආරම්භ කර තිබූ අයුරු රාත්‍රියේ වාර්තා විය.