ලෝක යුද්ධයක් ඇති වුවහොත් එහි දඩබිමක් බවට ශ්‍රී ලංකාව පත්වීම වැළැක්විය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකාව චීන, ඇමෙරිකන්, ඉන්දියන් උගුලකට හසු වී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.


එම්.සී.සී. ගිවිසුමේ නීතිමය ගැටලු ගණනාවක් තිබෙන බවත්,මෙම ගිවිසුම සමග තවත් ගිවිසුම් සහ බලවත් රාජ්‍යයන්ගේ මැදිහත්වීම් සම්බන්ධ වී තිබෙන බවත් නාගමුව මහතා පවසා සිටියේය.

දේශීය ඉඩම් බහුජාතික සමාගම්වලට අත්පත් කර දීමට මෙම ගිවිසුම මගින් උත්සාහ දරමින් සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

'එම්.සී.සී. උගුල හා ගොදුර" තේමාව යටතේ කොළඹ මහජන පුස්තකාලයේදී 17 පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් වැඩිදුරටත් සිය අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා,

"ලංකාව වැනි රාජ්‍යයන්ට අධිරාජ්‍යවාදී ලෝක බලවතුන් විසින් ණය දීමෙන්, ආධාර දීමෙන් මැදිහත් වෙනවා. ලෝක බැංකුව, මූල්‍ය අරමුදල ණය හරහා මැදිහත් වෙන්න හදාගත් උපක්‍රම තිබෙනවා. එක්සත් ජනපදය ආධාර හරහා මැදිහත් වෙන්න හදාගෙන තිබෙන සූඑස්ඒඩිඑ ආයතනයේ ක්‍රියාකාරිත්වය 1980පමණ සිට ලෝකය පුරාම සිදුවෙනවා.

2000 වසරේදී යුඑස්ඒඩ් ආයතනයේ ක්‍රියාකාරීත්වයට වඩා පුළුල් කිරීමට එමි.සී.සී. අරමුදල නිර්මාණය කළා.

ඇමෙරිකානු රජයෙන් ස්වාධීන නොවන මේ ආයතනයේ විධායක බලය සහිත මණ්ඩලය තුළ රාජ්‍ය ලේකම්, භාණ්ඩාගාර ලේකම් හා යුඑස්ඒඩී ආයතනයේ නියෝජිතයෙක් ඉන්නවා. ඇයිමරිකානු කොංග්‍රසය තමයි නිලධාරින් නම් කරන්නේ. නමුත් රටක ක්‍රියාත්මක වෙද්දි ඒ රටේ නියෝජිතයනුත් සම්බන්ධ කරනවා. දැනට රටවල් 23ක මෙවැනි එම්.සී.සී. ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා.

මේ ගිවිසුමේ නීතිමය ගැටලු ගෙනාවක් තිබෙනවා. මේ ගිවිසුම අත්සන් කළාට පස්සේ පනතක් සම්මත කළ යුතුයි. මීට කලින් ලංකාවට ණය දුන්නු කිසිම ආයතනයක්, රටක්,ව්‍යාපෘතියක් ඒ ණය මුදල රටේ නීතියක් බවට පත් කළේ නෑ. මේ ගිවිසුම ලංකාවේ නීතියට ඇතුළත් කළත්, ජාත්‍යන්තර නීතියට යටත් වෙන්නේ. නඩු කියනවා නම්, නඩු කියන්න වෙන්නේ ජාත්‍යන්තර අධිකරණයේ. ප්‍රවාහන සහ ඉඩම් ක්‍ෂේත්‍රයට අදාළ පනවලට බලපෑමක් වනචා. ගිවිසුමෙන් ලංකාව ඉවත් වෙන විදියක් ගැන සදහන් වන් නම්. කිසිම හේතු දැක්වීමකින් තොරව දින 30කට පෙර දැනුම් දීලා ගිවිසුමෙන් ඉවත් වෙන්න එම්.සී.සී. ආයතනයට පුළුවන්. ලංකාව තෝරාගැනීමට අදාළ නිර්ණායක උල්ලංඝනය කරනවාය කියලා ඒ අය තීරණය කළොත් ඉවත් වෙන්න පුළුවන්.

මේකේ භයානකම කොටස වත්කම් ආපසු පවරාදීම. ගිවිසුමක් හදිසියේ එම්.සී.සී. ආයතනය ඉවත් වුණොත් ඒ වනවිට අත්පත් කරගත හැකි සියලු දේපළ අත්පත් කර ගන්නවා, අත්පත් කරගත නොහැකි වත්කම් තක්සේරු කරලා ඒක ලංකාවේ ආණ්ඩුව ගෙවන්න ඕන.

අවුරුදු තුනකින් ඉවත් වෙන්න ඇමෙරිකාව තීරණය කළොත් මේ ණය ගෙවන්න, ණය ගන්න වෙනවා. ඒ නිසා මේක උගුලක්. මේ ණය ගැනීමට ලාබ නොලබන සමාගමක් පිහිටුවනවා. එතන ගැටලුවක් තිබෙනවා.

2008-2010 මැඩගස්කරයට එමි.සී.සී. ප්‍රදානය යටතේ මිලියන 310ක් දුන්නා, හෙක්ටයාර් මිලියන 1.3ක්
ඩේවූ සමාගම සහ ඇග්‍රෝ සමාගම මිලදී ගත්තා.මාලි රටේ ඉඩම් කොටස් පහකට කඩලා දෙක් ජනතාවට දුන්නා. වගා අසාර්ථක වුණාම සුළු ගොවීන්ට දුන් ඉඩම්වලින් හෙක්ටයාර් 20,000ක් සමාගම් අත්පත් කර ගත්තා. එල්සැල්වදෝර් ජලය පෞද්ගලීකරණය කළා. මේකත් එක්ක තවත් ගිවිසුම් සහ බලවත් රාජ්‍යයන්ගේ මැදිහත්වීම් සම්බන්ධයි.

ඒ.සී.එස්.ඒ. ගිවිසුම 2007 ගෝඨාභය රාජපක්‍ෂ හාරොබට් ඕ බිලේක් අත්සන් කළා. ඇමෙරිකාව ඉන්දියානු මුහුදේ යුද මැදිහත්වීමක් කරද්දී ඇමරීකානු හමුදාවට පහසුකම් සලසන්න ලංකාව බැඳී ඉන්නවා. සෝෆා ගිවිසුම හමුදා මැදිහත්වීම පිළිබඳ ගිවිසුමක්. මෙම ගිවිසුම යටතේ ක්‍රියාකාරකම්වලදී සිදුවෙන දේපළ හානි, හමුදා හෝ සිවිල් පුද්ගලයන්ට සිදුවන හානි, මරණවලදී චෝදනාවක්වත් නගන බෑ" යනුවෙන් පවසා සිටියේය.

 අමිත් මධුරංග