https://www.gossiplankanews.com/2019/12/mark-morbius-sri-lanka.html
කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ වර්ධනයක් බලාපොරොත්තු වන්නේ නම් එහි ඉහළ නැංවීම අත්‍යවශ්‍යයෙන්  සිදුකළ යුතු කරුණක් බැවින්, ඒ සඳහා රජය සතු ව්‍යවසායන් කොටස් වෙළ‍ෙඳ පොළ තුළ ලැයිස්තුගත කළ යුතු බවත් ආචාර්ය මාක් මෝබියස් පවසයි.
හෙත‍ෙම මෙම අදහස් පළ කළේ "නැගී එන වෙළෙඳ පොළ
සහ ශ්‍රී ලංකාවේ වර්ධන මාවත (Emerging Markets and Sri Lanka's Growth Trajectory) මැයෙන් පෙරේදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති ව්‍යාපාරීක හා ආයෝජක සංසදය අමතමිනි.
කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life විසින් මෙය සවිධානය කර තිබුණි. සිංගප්පූරුව, චීනය, මැලේසියාව, වියට්නාමය, බ්‍රසීලය, නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල වර්ධන මාවත පෙන්නුම් කරමින් ආචාර්ය මෝබියස් සිය
ඉදිරිපත් කිරීම ආරම්භ කළ අතර, පසුගිය වසර 25 තුළ භූ දර්ශනයේ වෙනස්වීම

ඉස්මතු කළේය. මෙහිදී, ඔහු ශ්‍රී ලංකාවට ප්‍රශංසා කළ අතර දේශිය ආර්ථිකය සඳහා ඉතා පරිවර්තනීය කාල පරිච්ඡේදයක් තුළ මෙරට සංචාරය කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව ඔහු සිය සතුට පළ කළේය.

විදේශ ආයෝජන සමිබන්ධයන් ශ්‍රී ලංකාවට ඇති දැවැන්ත විභවයන් ඉස්මතු කළ ඔහු, කෘෂිකර්මය පාදක කරගත් මෙරට ආර්ථිකය සැමවිටම ගෝලීය උනන්දුව පවත්වාගෙන යන බවත්, විශේෂයෙන්ම තේ එහි ශක්තිමත්ම වෙළඳ නාමය හා භාණ්ඩය ලෙස පිළිගැනීම, සංචාරක කර්මාන්තය වශයෙන් ශ්‍රී ලංකාවේ ඇති ආකර්ෂණීය බචද ඔහු පිළිගත්තේය. එමෙන්ම, මෑතකාලීනව මෘදුකාංග හා දේපළ වෙළදාම් ක්ෂේත්‍රයෙහි ශ්‍රී ලංකාව ලබා ඇති ආකර්ෂණීය
අවධානය ගැනද ඔහු කතා කළේය.

මෙහිදී මොබියස් වැඩිදුරටත් කියා සිටියේ කොටස් වෙළෙඳ පොළ වෙත ද වැඩි වශයෙන් ආයෝජකයන් ආකර්ෂණීය කර ගැනීමට කටයුතු කළ හැකි බවය. එහිදී, රජය සතු ව්‍යවසායන් මහජනතාවට විවෘත කළ යුතු බවත්, එම ආයතන පුද්ගලීකරණය කිරීමක් විසින් අදහස් නොවන බවත් ඔහු කියා සිටියේය. රජය සතු ජීවිත රක්ෂණ සමාගමක් ලෑයිස්තුගත කළා නම් වීහි ලාභ අලාභ ගිණුම්, ශේෂපත්‍ර මහජනතාවට අනාවරණය වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

 ශ්‍රී ලංකාව වටා විශාල මුදලක් සැරිසරන බව මෙම හමුවේදී විශේෂයෙන් ගෙනහැර දැක්වූ මොබියස්, අලිබබා හොංකොං වෙළෙඳ පොලෙන් මුදල් රැස් කරගත් ආකාරය දෙස බලන ලෙසත්, ශ්‍රී ලංකාව තුළ ඇත්තේ මුදල්වල
ඌනතාවක් නොවන ප්‍රතිසංස්කරණවල ඌනතාවක් බවත් අවධාරණය කළේය. රජය සතු කවර ගණයේ ව්‍යවසායයන් ලෑයිස්තුගත කළ යුතුද යන පැනයට පිළිතුරු ලෙස ඔහු කියා සිටියේ, රජය සතු බැංකු, ප්‍රවාහන, ගුවන්තොටුපළ වැනි ලැයිස්තුගත කළ හැකි ව්‍යවසාය රැසක් පවතින බවය.
ශ්‍රී ලංකාවේ බැඳුමිකර වෙළඳ පොළ හෝ කොටස් වෙළෙඳ පොළ සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩාවීම මේ අවස්ථාවේදී තිබෙන විශාල ගැටලුවක් බව පැවසූ ඔහු, තමා මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් දේපළ, මූල්‍ය හා සංචාරක කර්මාන්ත දෙස වැඩි අවධානයක් යොමු කරන බව පවසා සිටියේය.

මේ අතර, දේශීය ආර්ථිකය විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගෙන යාම සඳහා නව රජය විසින් ගත යුතු ප්‍රායෝගික පියවර සම්බන්ධයෙන් සිය
විශේෂඥ මතය ගෙනහැර දැක්වූ ඔහු, බදු ප්‍රතිසංස්කරණ, වීදේශ විනිමය ගලායාම සහ සංචරණ

පහසු කිරීම, බදු ගෙවීම පන්දු කිරීම සහ කලාපය තුළ තරගකාරී බවක් ඇති කිරීම, මුදල් පැමිණීමට සහ පිටතට යාමට පහසු වන පරිදි විදේශ විනිමය පාලනය සඳහා වන ක්‍රියා පටිපාටි වෙනස් කිරීම සහ සංචාරක කටයුතු සදහා වීසා පටිපාටිය පහසු කිරීම ආදිය පෙන්වා දුන්නේය.
වෙළෙදපොළ සමිබන්ධයෙන් විශේෂඥයෙකු ලෙස ආචාර්ය මාක් මොබීයස්, වසර 30කට වැඩි කාලයක් ෆ්‍රැන්ක්ලින් සේවය කළ අතර, ටෙම්පල්ට ඉන්වෙස්ට්මන්ට් නැගීඑන වෙළඳ පොළ සමූහයේ විධායක සභාපති ලෙස කටයුතු  කළේය. ඔහු සිය සේවා කාලය තුළ සමූහය කළමනාකරණය යටතේ ඇති වත්කම් ඇ.ඩො.මිලියන 100 සිට අ.ඩො.බිලියන 40 දක්වා පුළුල් කළ අතර ආසියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ නැගෙනහිර යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් නැගී එන වෙළෙඳ පොළ සහ දේශසීමා අරමුදල් ගණනාවක් දියත් කළේය. එමෙන්ම, මෝබියස් කැපිටල් පාටිනස් හි නිර්මාතෘවරයාද වන ඔහු, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ආර්ථික උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකි. 2010 සිට මෝබියස් රුමේනියාවේ OMV පෙට්‍රෝම්හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද සේවය කර ඇති අතර, ඔහු මීට පෙර රුසියානු තෙල් සමාගමක් වන ලුකොයිල් හි අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කළේය.

-ෂමිල පෙරේරා-