එව්.අයි.වී. ආසාදිතයන් මාස තුනකට සිය දෙනෙකු පමණ මෙරටින් හඳුනාගැනෙන බවත්, මේ අතුරින් වැඩිදෙනා සමලිංගික පිරිමින් බවට හඳුනාගෙන ඇති බවත් ගම්පහ රෝහල් ලිංගාශ්‍රිත රෝගි අංශය සඳහන්
කරයි. දිවයින පුරා එච්.අයි.වී. ආසාදිතයන් අලුතින් හඳුනා ගැනීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බවත්, මෙය 2017 වසරේදී 249ක්, 2018 වසරේදී 350ක් සහ මෙම වසරේ සැප්තැම්බර් මස අවසානය වනවිට 315 ද‍ෙන‍ෙකු වන බවත් ගම්පහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග අංශයේ විශේෂඥ ව‍ෛද්‍ය ප්‍රියන්ත වීරසිංහ මහතා පැවසීය.
මෙම වසරේ සැප්තැම්බර් මස අවසානය වනවිට මෙරටින් වාර්තාවී
ඇති ආසාදිතයන් සංඛ්‍යාව 3,507 දෙන‍ෙකු බවත්, මින් 2,391 8 දෙන‍ෙකු පිරිමින් වන අතර, 1,116 දෙන‍ෙකු කාන්තා පාර්ශ්වය වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. වාර්තාවන
නව ආසාදිතයන් පිරිමින් අතර පවතින සමලිංගික ඇසුර පවත්නවුන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, කාන්තාවන් මෙන් ත‍ෙගුණයක් පිරිමි පාර්ශවය ආසාදිතයන් සිටින බවත් හෙතෙම පැහැදිලි කළේය.
මින් වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතින් වන අතර, එච්. අයි. වී. ආසාදිත තත්ත්වය කලින් හදුනා ගැනීම තුළින් ප්‍රතිකාර ලබා අසාධ්‍ය තත්ත්වයට පත්වීමෙන් වැළකීමේ හැකියාව පවතීන බැවින් ඇසුරක් පිළිබඳව යම් සැකයක් ඇති  වුවහොත් වහාම ආසන්නතම මහ රෝහලෙහි හෝ මූලික රෝහල් ආශ්‍රිත  ලිංගාශ්‍රිත රෝග සායන වෙත පැමිණ ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ඉල්ලා සිටින බවද ව‍ෛද්‍යවරයා පැවසීය.

එච්.අයි. වී. ආසාදිතයෙකු ප්‍රතිකාර නොලබා සිටියහොත් වසර 5 -10ත් අතර කාලය තුළ මිය යාමට හැකි බවින් යළි සැකයක් ඇති ඕනම අයෙකුට රජයේ ප්‍රධාන රෝහලක ලිංගාශ්‍රිත රෝග සායනයක් වෙත
පැමිණ රුධිර පරික්ෂාවකට ලක්ව සැක හැරගත හැකි බැවින් පැහැදිළී කළ
වෙද්‍ය ප්‍රියන්ත වීරසිංහ මහතා එම සායනයන් වෙත පැමිණ සැමගේ රහස්‍යභාවය හා පෞද්ගලිකත්වය සුරකින බවද සඳහන් කළේය.
මේ අතර එච්. අයි. වී. ආසාදිත තත්වයෙන් පසුවන ගැබිණියකගේ කුස තුළ වැඩෙන දරුවෙකුට, එම රෝග තත්වය වැලදීමෙන් වළකා ගැනීම
පිණිස
සාර්ථකව ප්‍රතිකාර සිදුකරන බව පැහැදිලි කළ වෛද්‍යවරයා මේ සඳහා මූලික පියවර ලෙස ගැබ්ගත්  මුල් අවධියේදීම එච්. අයි. වී. පක්‍ෂව සදහා යොමුවිය යුතු බවත්, මේ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් රජයේ  ප්‍රධාන රෝහල්හි ප්‍රසව හා නාරිවේද සායනයන්හි පවතින බැවින් මිට යොමු වීමට බීයක් සැකයක් ඇතිකර නොගත යුතු බවත් පැවසීය.
ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට එච්. අයි. වී. වෛරසය පැතිරීම මුලිනුපුටා  දැමීමට සමත්වූ රටක් ලෙස ලෝක  සෞඛ්‍ය සංවිධානය මගින් මෙම වසරේදී නම් කිරීම සතුටට කරුණක් බවද ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත වීරසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
-ගම්පහ - තිලකරත්න දිසානායක-