https://www.gossiplankanews.com/2019/12/maithri-contest-polonnaruwa-general-election.html
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි මහමැතිවරණයේදී පොළොන්නරුවෙන් තරග කිරීමට ඉදිරිපත්වන බවත් වැඩිම මනාපයෙන් ඔහුව පත් කර පාර්ලිමේන්තුවට යොමු කරන ලෙසත්
ඊයේ (30) පොලොන්නරුවේ පැවති උත්සවයකදී හිටපු ජනපතිවරයා ඉදිරිපිට සිට ඇමති දයාසිරි ජයසේකර දන්වා සිටියේය.
එම උත්සවය ඇමතූ හිටපු ජනපති මෛත්‍රී කියා සිටියේ

'තමාට රටට සේවය කිරීමට අවශ්‍ය බවත් තමා දේශපාලන වශයෙන් නැවත උපදින බවත්ය.'

මේ ආකාරයට හිටපු ජනපතිවරුන් නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන්නට උත්සහ දරන දෙවන අවස්ථාව මෙයයි. මින් ඉහත මහින්ද රාජපක්ෂ 2014 ජනපතිවරණ පරාජයෙන් පසු 2015 මහමැතිවරණයට කුරුණෑගලින් ඉදිරිපත්වී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත් විය.
කෙසේ වෙතත් මහින්ද එලෙස 2015 මහමැතිවරණයට තරග කළේ අගමැති අපේක්ෂකයෙකු ලෙස බලාපොරොත්තු තබාගෙන වන අතර ඔහු නැවත රටේ නායකත්වය කරා යන ගමනට දේශපාලනයේ රැඳී සිටීමේ උවමනාවද ඊට පෙරදැරි කරගත්තේය.ඔහුට විශාල කණ්ඩායම් ශක්තියක්ද තිබිණි.

නමුත් මෛත්‍රීපාල හිටපු ජනපතිවරයාට එබදු අභිලාෂයක් ඇතැයි නොපෙනේ. ඔහු ගමන් කරන්නේ තමන් සිටි තත්වයට අඩු තැනකටය.මේ වනවිට ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය හැර ඔහුට විශාල කණ්ඩායම් බලයක්ද නැත.
ශ්‍රීලනිපය හා ශීලපොපෙ සන්ධානගතවීමේදී ඇති කරගත් පොරොන්දු අනුව ඉදිරි කැබිනට් මණ්ඩලයේ මෛත්‍රීපාල සිරිසේනට ඇමති අවස්ථාවක් ලැබීමටද නියමිතය.