ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන උසස් පෙළ සමත් සියලුදෙනාටම විශ්ව විද්‍යාල වරම් ලබාදීම
සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග එළැඹෙන අඟහරුවාදා සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ හෝමාගම පැවති ආගමික කටයුත්තකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති විද්‍යාලත්, අලුතෙන් ආරම්භ කරන විශ්වවිද්‍යාලත් අලුතෙන් අනුගමනය කරන විවිධ උපාය උපක්‍රමත් සමඟ නව ක්‍රමවේදයන් යටතේ මෙම වර්ශය තුළදීම අදාළ ඉලක්කයෙන් විශාල ප්‍රමාණයක් ජය ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පත් කර විශ්වවිද්‍යාල ක්ශේත්‍රෙය් ඇති ගැටලු හා ධාරිතාවයන් පිළිබඳ සාකච්ඡා කිරීමට එළඹෙන සතියේ අඟහරුවාදා දින රැස්වීමක් පවත්වන බවත් ඒ මහතා කියා සිටියේය.