https://www.gossiplankanews.com/2019/12/gotabaya-winner-police.html#more
සුගියදා පැවැති ජනාධිපතිවරණයන් ජයග්‍රහණය කරන අපේක්ෂකයා කවුදැයි යන්න පිළිබඳව ඔට්ටුවක් අල්ලා එම ද ඔට්ටුවෙන් පරාජිත පුද්ගලයා ජයග්‍රහණය කළ පුද්ගලයාට අදාළ ඔට්ටුව වෙනුවන් ලබාදී තිබූ චෙක්පතට මුදල් නොගෙවන ලෙස බැංකුවට දැනුම්දී තිබීම හේතුවෙන් ඔට්ටුවේ මුදල් ලබා ගැනීමට පොලිසියට ගිය සිද්ධියක් උරුබොක්කෙන් වාර්තා විය.
ජනාධිපතිවරණයෙන් තමන් උදවු කරන අපේක්ෂකයා ජයග්‍රහණය කරන බවට
එකම ගමේ පුද්ගලයන් දෙදෙනකු ඡන්ද ඔට්ටුවක් අල්ලා තිබිණි. එම ඡන්ද ඔට්ටුව වුයේ රුපියල් පනස් දහසක මුදලකි.එක් අයකු පනස්දහසක (50,000) මුදල නෝට්ටුවලින් ලබාදුන් අතර අනිත් පුද්ගලයා තම පියාගේ චෙක් පතකින් අදාළ මුදල ලබාදී තිබිණි.
මෙම ඡන්ද ඔට්ටුවේ මුදල් ලඟ තබා ගැනීම

සඳහා දෙපාර්ශ්වයෙන්ම දෙදෙනකු ඉදිරිපත්ව ඇති අතර ඔවුන් දෙදෙනා ළඟ අදාළ මුදල සහ චෙක්පත් තිබිණි.
එකම ගමේ දෙදෙනකු අතර පැවැති මෙම ඡන්ද ඔට්ටුවේ එක් අයකු ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා වන අතරඔට්ටුවේ මුදල් තබා ගැනීමට දී ඇත්තේ තවත් සමෘද්ධි සංවර්ධන නිලධාරියකුටය. අනිත් පැත්තේ ඔට්ටුව අල්ලා ඇති පුද්ගලයා ප්‍රදේශයේ තරුණයකු වන අතර ඔහුගේ මුදල් චෙක්පත තබා ගැනීමට ලබාදී ඇත්තේ ඔහුගේ ඥාතී ව්‍යාපාරික සහෝදරයාටය.

ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා, ජයග්‍රහණය කරන බවට ප්‍රකාශ කර තිබුනේ ගෝඨාභය රාජපක්ෂ වන අතර එම ජයග්‍රහණයට රුපියල් පනස්දහස (50,000) ලබාගත හැකි බැවින් ඔහු සතුටට පත්විය.
ඒ අනුව ලැබුණු චෙක්පත අදාළ අතරමැදියාගෙන් ලබාගෙන මුදල් කර ගැනීම සඳහා ඌරුබොක්ක ප්‍රදේශයේ බැංකුවකට ගොස් බැංකු කවුන්ටරයට මුදල් ගැනීම සඳහා ලබාදී ඇති අතර එහිදී අදාළ බැංකුවේ නිලධාරී ප්‍රකාශ කර ඇත්තේ මෙම චෙක්පතට මුදල් නොගෙවන ලෙසට චෙක්පතේ හිමිකරු බැංකුවට දැනුම් දී ඇති බවය.
ඒ හේතුවෙන් සිය ඡන්ද ඔට්ටුවට අදාළ රුපියල් පනස්දහසක මුදල පිළිබද පරාජිතයාගෙන් කරුනු විමසුවද ඔහු දිගටම මගහැර තිබේ.
අවස්ථා ගණනාවකදීම තමාට එය ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් එය ලබානොදුන් නිසා තමාට ජන්ද ඔට්ටුව අනුව හිමි රුපියල් පනස්දහසට අදාළ චෙක්පත අගුරුවීම හේතුවෙන් මෙම ආරවුල විසඳා ගැනීමට සමෘද්ධි සංවර්ධන නිලධාරියා උරුබොක්ක පොලීසියට

පැමිණිල්ලක් කර ඇත.

මේ අනුව ඡන්ද ඔට්ටුවට අදාළ දෙපාර්ශ්වයම පොලිසියට කැඳවා ඇති අතර එහීදී ඡන්ද ඔට්ටුව වෙනුවෙන් රුපියල් පනස්දහස චෙක්පත  ලබාදුන් පුද්ගලයා පොලීසියට පැමිණ නැත.  ඌරුබොක්ක පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එස්. ආනන්ද අනුරසිරි මහතා දන්වා ඇත්තේ ඡන්ද ඔට්ටුවක් වෙනුවෙන් ලබාදුන් මුදල් අයකර දීමට නීතියෙන් ප්‍රතිපාදන නොමැති බවත් වෙක්පතක් ලබාදී එම චෙක්පත අගරු වුවහොත් ඒ යටතේ අදාළ පුද්ගලයාට විරුද්ධව අගරු චෙක්පතක් ලබාදී විශ්වාසය කඩ කිරීම් යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත්ය.
චෙක්පත ලබාදුන් පුද්ගලයාට අතරමැදියා දුරකථනයන් පොලිසියේදී කතා කළත් ඔහු කියා ඇත්තේ "මම ඡන්ද ඔටුවක් අල්ලලත් නැහැ චෙක්පතක් දුන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ" යනුවෙනි.
ඒ අනුව ඔට්ටුව අල්ලා මගහැරිය තැනැත්තාට එයින් ලිස්සා යාමට අවස්ථාව හිමිවූ අතර
අවසානයේ සිදුවූයේ අතරමැදියාට අගරු චෙක්පතක් වෙනුවෙන් වගඋත්තර බැදීමට සිදුවීමයි.
වෙක්පතේ වටිනාකම වූ රුපියල් පනස්දහසක මුදල තමන්ට එකවර ලබාදීය නොහැකි බවත් වාරික තුනකින් ලබාදෙන බවටත් පොලිසිය ඉදිරියේ පොරොන්දු වී ඔහුට යන්නට සිදුව තිබේ.

ඌරුබොක්ක - අතාවුද පතිර‍ණ