දුම්රියේ සිඟමණේ යෙදුණු යාචකයෝ හත් දෙන‍ෙක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් පෙරේඳා අත්අඩංගුවට ගනු ලැබුහ.දුම්රියේ සිඟමන් යැදීම 1 දා  සිට සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන අතර ඒ අනුව එදිනම
ප්‍රධාන දුම්රිය මාළිගය සහ
මුහුදුබඩ මාර්ගයේ දුම්රියන්හි සිදුකළ පරික්ෂාවකදී මෙම යාචකයන් හත්දෙනා අත්අඩංගුවට ගත්  බව දුම්රිය ආරක්ෂක හමුදා අධිකාරි අනුර ප්‍රේමරත්න  මහතා පැවැසීය.

දුම්රියේ සිඟමන් යදින යාචකයන් අධිකරණයට ඉදිරිපත්  කළ යුතු වුව ද 1 දා නිවාඩු දිනයක් වූ බැවින් එම යාචකයත් අධිකරණයට ඉදිරිපත් නොකර ඔවුන්ට තරගයේ අවවාද කර මුදාහැරිය බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.දූම්රියන්හි සිඟමන් යදින යාචකයන් නිසා දුම්රිය මගීන්  දැඩි අපහසුතාවට පත්වී සිටින අතර දුම්රියන්හි හා දුම්රිය  ස්ථානවල පවිත්‍රතාව පවත්වාගෙන යාමට ද එය ගැටලුවක් වී තිබිණි.
මේ අතර දුම්රිය සිඟමන් යදින යාචකයන් නිසා මගීන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ නව දුම්රිය සේවා අමාත්‍යංශය දුම්රිය සිගමන් යදින යාචකයන් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව වැටලීම් කරන ල‍ෙස  දුම්රිය බලධාරින්ට උපදෙස් දී තිබේ.
  (මහින්ද නිශ්ශංක)