https://www.gossiplankanews.com/2019/12/david-lindsey-British-brother-sister-fled-Sri-Lankan-blast-killed.html
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළ නැංවීම සඳහා එංගලන්තයේ සරසවියේ සිසුවකු පවුම් 350,000ක  මුදලක් (ආසන්න වශයෙන් රුපියල්  කෝටි 8.2ක්) මුදලක් එක්රැස්  කිරිමට සමත්ව තිබේ.  ඩේවිඩ් ලින්සේ නම් වන මෙම සිසුවාගේ සහෝදරයා සහ සහෝදරිය පාස්කු ඉරිදා
එල්ල වූ මරාගෙන මැරුණු

බෝම්බ ප්‍රහාරවලට ලක්වීමෙන් තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඔවුන් දෙදෙනා මියගොස් තිබුණි. ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී රෝහල තුවාලකරුවන්ගෙන් පිරි ඉතිරි ගොස් සිටි බව ද ඩේවිඩ් ලින්සේ සඳහන් කර ඇත. ඩේවිඩ්ගේ සහෝදරයා ඩැනියෙල් (19) සහ සහෝදරිය ඇමලි (15) කොළඹ ෂැංග්‍රිලා හෝටල් සිටියදී මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයකට ලක්විය. ඩේවිඩ් පවුලේ වැඩිමලාය.

'ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්" ගුවන් සේවයේ සමාජ වගකීම් ඒකකය වන "ශ්‍රී ලන්කන් කෙයාර්ස්” සමඟ එක්ව ඩේවිඩ් ලින්සේ 'ඇමලි සහ ඩැනියෙල් ලින්සේ පදනම' නමින් එක්සත් රාජධානිය තුළ පදනමක් ද ආරම්භ කර ඇත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් සිය සහෝදරයා සහ සහෝදරිය ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ඩේවිඩ් දෙවරක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ද වාර්තා වේ. අඩවි මීට පෙර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙරට රෝහල් නවයකට රෝගීන් හුවමාරු කරන ඇඳන් 100ක් ද පරිත්‍යාග කර ඇත.