වත්මන් ආණ්ඩුව දේශපාලන පලිගැනීම් නොකරන බවත් රාජිත සේනාරන්න හා පාඨලී චම්පික රණවක යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද නීතියට අනුව කටයුතු කරන බවත් අපනයන බෝග රාජ්‍ය ඇමැති ජානත වත්කුඹුර මහතා පෙරේදා (22) වැනිදා පැවසිය.

වක්කුඹුර මහතා

මේ බව සඳහන් කළේ ඇඹිලිපිටියේ පෙරේදා (22) පැවති මාධ්‍ය සාකච්ඡාචාකට සහභාගි වෙමිනි.

ඔහු මෙසේද පැවසීය.
රාජිත සේනාරත්න මෙන්ම චම්පික රණවක ගැනත් අද කතා වෙනවා. අපේ ආණ්ඩුව නීතියට පිටින් වැඩ කරන්නේ නැහැ. |දේශපාලන පලිගැනීම් කරන්නේ නැහැ. රාජිතටත් චම්පිකටත් නීතියට අනුව කටයුතු කරනවා.

මහා ලොකුවට සමාජවාදය ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණට රිය අනතුරෙන් ආබාධිත වූ තරුණයා වෙනුවෙන් පෙනී සිටීමට බැහැ. ජ.වි.පෙ. තවමත් යුඇන්පීයට කඩේ යනවා.

සියයට තුන සියයට එකහමාර දක්වා අඩුකරගන්නහදන්නේ . අසාධාරණයට ලක්වූ දරුවා වෙනුවේන් ජ.වි.පෙට් පෙනී සිටීමට බැරිද? අපි ඒ දරුවාගේ අයිතීන් ආරක්ෂා කරනවා.

පසුගිය පාලන කාලයේදී අපේ නායකයන් බොරු චෝදනා මත සිරගත කළා. නිසි ක්‍රමවේදයක් නැතිවයි එහෙම කළේ.

ඒත් අපි එහෙම කරන්නේ නැහැ. ඒ වාගේම අද නඩු අහලා හෙට තීන්දු දෙන්නේ නැහැ. සියල්ල නීතියට අනුව සිදු කරනවා යැයිද වක්කුඹුර මහතා කීය.