https://www.gossiplankanews.com/2019/12/cid-05-swiss-ganiya.html
පැහැර ගැනීමට ලක්වු බව කියන ස්විස් තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනියක වූ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් ඊයේ රහස් පොලිසිය වෙත  ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබේ. ඊයේ(08) පස්වරුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ
තිබුණි.
එම නිලධාරීනිය සමඟ තානාපති කාර්යාල නිලධාරීන් සහ ඇයගේ නීතිඥවරුන් දෙදෙනෙකු මෙම අවස්ථාවට පැමිණ සිට ඇත.පැය 05කට ආසන්න කාලයක් ස්විස් තානාපති නිලධාරීනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිය ප්‍රකාශය ලබා දී තිබේ.

අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර ඇති බවද වාර්තා විය.
පසුගිය නොවැම්බර් මස 25 වනදා සිය රාජකාරී කටයුතු අවසන් කර යළි නිවස බලා ගමන් කිරීමේදී ඇය පැහැර ගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වුණි.


මේ සම්බන්ධයෙන් ඇය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දැනුම් දීමෙන් පසු පොලිසිය වෙත පැමිණිලි කර තිබුණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ අතර සිද්ධිය පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමටද ඔවුන් පියවර ගත්තේය.
කෙසෙ වෙතත් මෙම සිද්ධිය දෝශපාලනික ගැටලුවක් බවට පත් කරගනිමින් තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරතවීමටත්, මේ ගැන මාධ්‍ය හමු පවත්වන්නටත් රජයට හිතවාදී පිරිස් කටයුතු කළ අතර ඇය ප්‍රකාශයක් ලබානොදී රටින් පළායනු ඇතැයි සිතා ඇයට රටින් පිටවීම අවහිර කරමින් උසාවිය තහනම් නියෝගයක්ද ලබාගෙන තිබුණි.

මෙම සිදුවීමට සම්බන්ධ සේවිකාව සෞඛ්‍ය හේතු මත ප්‍රකාශයක් ලබාදීම පමා විය.  ඇයට ඇතිවූ කම්පනය හෝ ලිංගික හිරිහැරය හෝ නිසා එය පමාවී තිබේද නැතිනම් ලංකාවේ පොලිසිය ගැන විශ්වාසයක් නැතිව එය නොකර සිටියාද යන්න පැහැදිලි නැත.
හිටපු ඇමති රාජිත කියා තිබුනේ ඇයගේ කටට පිස්තෝල ඔබා තර්ජනය කළ කතාවකි.

ඇයට එරෙහිව පොලිසිය අධිකරණයේදී කරුණු වාර්තා කළ අවස්ථාවේ
ෙකොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ දිනට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ස්විස් තානාපති කාර්යාලයට දැනුම් දී තිබීම මත ඇය ඊයේ ප්‍රකාශය ලබාදුන් අතර එහිදී කවර කරුණු කියා සිටියේදැයි මාධ්‍යයට අනාවරණය නොවුණි.
කෙසේ වෙතත් ඇයගේ ප්‍රකාශයක් පොලිසිය සටහන් කරගන්නටත් පෙර සීසීටීවී විමර්ශන වල කිසිවක් නැතැයිද නිලධාරිනිය කී කරුණු පරස්පර බවද මීට සතියකට පමණ පෙර මාධ්‍යයට දන්වා තිබුනේ විදේශ කටයුතු ආමාත්‍යංශයයි.