අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිකුරාදා (6 වැනිදා) ප‍්‍රශ්නකර ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

විශේෂ විමර්ශන ඒකකය

මගින් කරන ලද දැනුම් දීමකට අනුව එහි පැමිණි ශානි අබේසේකර මහතාගෙන් පැය හතරක පමණ කාලයක් මෙසේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග තහවුරු කරයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි ඒඩි‍්‍රයන් නිශාන්ත සිල්වා කන්දප්පා මහතා කිසිදු අවසරයකින් තොරව ස්විට්සර්ලන්තයට පලා යෑම සම්බන්ධයෙන් මෙහිදී ශානි අබේසේකර මහතාගෙන් විශේෂයෙන් ප‍්‍රශ්න කර ඇත.

නිශාන්ත සිල්වා කන්දප්පා විදේශ ගතවීම සඳහා නිවාඩු ලබා නොගෙන දෙදිනක නිවාඩු ලබා රටින් පැන යෑම බරපතළ තත්ත්වයක් වන බැවින් ශානි අබේසේකරගෙන් මෙසේ කරුණු විමසීමට පියවර ගෙන තිබේ.

සමන් ගමගේ